මාර්‍ග ප්‍රත්‍යය ඝටනා

star_outline

(1) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන මාර්‍ගාඞ්ග ධර්‍ම නවයෙහි සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ. අවිපාක ඝටනා සතරෙකි.

(5) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාකමාර්‍ගාඞ්ග ධර්‍ම අටෙහි සහජාත, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ. සවිපාක ඝටනා පසෙකි.

මේ සාමාන්‍ය ඝටනා නවය ය.

(10) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විරිය, සති, ඒකග්ගතා, පඤ්ඤා යන මාර්‍ගාඞ්ග සතරෙහි සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ. අවිපාක ඝටනා සතරෙකි.

(14) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විරිය, සති, ඒකග්ගතා, පඤ්ඤා යන විපාක මාර්‍ගාඞ්ග සතරෙහි සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ. අවිපාක ඝටනා සතරෙකි.

මේ සඉන්‍ද්‍රිය ඝටනා නවය ය.

(19) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විතක්ක ඒකග්ගතා දෙක්හි සහජාත, නිස්සය, ඣාන, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ. අවිපාක ඝටනා සතරෙකි.

(23) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විතක්ක ඒකග්ගතා යන විපාක මාර්‍ගාඞ්ග දෙක්හි සහජාත, නිස්සය, විපාක, ඣාන, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. සවිපාක ඝටනා පසෙකි.

මේ සඣ්‍යානඝටනා නවය ය.

(28) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන ඒකග්ගතාවෙහි සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, ඣාන, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. අවිපාක ඝටනා සතරෙකි.

(32) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාක චිත්ත සම්පයුක්ත ඒකාග්‍රතාවෙහි සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, ඣාන, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ. සවිපාකඝටනා පසෙකි.

මේ සඉන්‍ද්‍රිය ඣාන ඝටනා නවය ය.

(37) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීර්‍ය්‍යාධිපතියෙහි අධිපති, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. අවිපාක ඝටනා තුනෙකි.

(40) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ලෝකෝත්තර ඵලචිත්තසම්ප්‍රයුක්ත වීර්‍ය්‍යාධිපතියෙහි අධිපති, සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ. සවිපාක ඝටනා තුනෙක් වේ.

මේ සාධිපති ඉන්‍ද්‍රිය ඝටනා සය ය.

(43) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා ත්‍රිහේතුක චිත්තජරූප ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන අමෝහයෙහි හේතු, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. අවිපාකඝටනා සතරෙකි.

(47) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා ත්‍රිහේතුක චිත්තජරූප ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකාමෝහයෙහි හේතු, සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ. සවිපාක ඝටනා පසෙකි.

මේ සහේතුක ඉන්‍ද්‍රිය ඝටනා නවය ය.

(52) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතියෙහි හේතු, අධිපති, සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ. අවිපාක ඝටනා තුනෙකි.

(55) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලචිත්තයෙහි වූ වීමංසාධිපතියෙහි හේතු, අධිපති, සහජාත, නිස්සය, විපාක. ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ. සවිපාකඝටනා තුනෙකි.

මේ සහේතුක අධිපති ඉන්‍ද්‍රිය ඝටනා සය ය.