ධ්‍යාන ප්‍රත්‍යය ඝටනා

star_outline

(1) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ගධර්‍ම පසෙහි සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ. ඉහත දැක් වූ ක්‍රමය අනුව අවිපාකඝටනා සතර සම්පූර්‍ණ කරනු.

(5) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකධ්‍යානාඞ්ගධර්‍ම පසෙහි සහජාත, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ. සවිපාකඝටනා පස සම්පූර්‍ණ කරනු.

මේ සාමාන්‍ය ඝටනා නවය ය.

(10) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන වේදනා ඒකග්ගතා දෙක්හි සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ. අවිපාකඝටනා සතරක් වේ.

(14) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක වේදනා ඒකග්තතා දෙක්හි සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. සවිපාක ඝටනා පසෙකි.

මේ සඉන්‍ද්‍රිය ඝටනා නවය ය.

(19) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විතක්ක, ඒකග්ගතා, දෙක්හි සහජාත, නිස්සය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ. අවිපාක ඝටනා සතරෙකි.

(23) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාක විතක්ක ඒකග්ගතා දෙක්හි සහජාත, නිස්සය, විපාක, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. සවිපාක ඝටනා පසෙකි.

මේ සමාර්‍ග ඝටනා නවය ය.

(28) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන ඒකග්ගතාවෙහි සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. අවිපාක ඝටනා සතරෙකි.

(32) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාක ඒකග්ගතාවෙහි සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ. සවිපාක ඝටනා පසෙකි.

මේ සඉන්‍ද්‍රිය මග්ග ඝටනා නවය ය.