(1) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය සඞ්ඛ්‍යාත සහජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ද පඤ්චවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තු සඞ්ඛ්‍යාත පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ද, කර්‍මජරූපකලාපයන්හි ඉතිරි රූපයන්ට ප්‍රත්‍යය වන රූපජීවිතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ද අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දෙක ගැටේ.
(2) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය සඞ්ඛ්‍යාත සහජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි ද පඤ්චවිඥාන ධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තුසඞ්ඛ්‍යාත පුරේජාත ප්‍රත්‍යයෙහි ද නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.
(3) චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය සඞ්ඛ්‍යාත සහජාතේන්‍ද්‍රියප්‍රත්‍යයෙහි ද, පඤ්චවිඥාන ධාතූන්ට ප්‍රත්‍යයවන පඤ්චවස්තු සඞ්ඛ්‍යාත පුරේජාත ප්‍රත්‍යයෙහි ද නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.
මේ මිශ්‍රක ඝටනා තුන ය.
(4) පඤ්චවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තු සඞ්ඛ්‍යාත පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි නිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යයශක්ති පස ගැටේ.
මේ ප්‍රකීර්‍ණක ඝටනාව ය.
(5) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රිය ධර්‍ම අටෙහි සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ. ඉහත කී පරිදි ප්‍රත්‍යයන් යොදා අවිපාකඝටනා සතර විස්තර කරනු.
(9) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාක නාමේන්‍ද්‍රිය ධර්‍ම අටෙහි සහජාත, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ. සවිපාක ඝටනා පස විස්තර කරනු.
මේ සාමාන්‍ය ඝටනා නවය ය.
(14) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විරිය, සති, ඒකග්ගතා, පඤ්ඤා යන නාමේන්‍ද්‍රිය ධර්‍මයන්හි සහජාත, නිස්සය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ. අවිපාක ඝටනා සතර ම විස්තර කරනු.
(18) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විරිය, සති, එකග්ගතා, පඤ්ඤා යන විපාකේන්‍ද්‍රියයන්හි, සහජාත, නිස්සය, විපාක, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. සවිපාකඝටනා පස විස්තර කරනු.
මෙසේ සමාර්‍ග ඝටනා නවයක් වේ.
(23) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන වේදනා ඒකග්ගතා යන ඉන්‍ද්‍රියධර්‍ම දෙක්හි සහජාත, නිස්සය, ඣාන, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ. අවිපාකඝටනා සතර විස්තර කරනු.
(27) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන වේදනා ඒකග්ගතා යන විපාකේන්‍ද්‍රිය ධර්‍ම දෙක්හි සහජාත, නිස්සය, විපාක, ඣාන, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. සවිපාකඝටනා පස සම්පූර්‍ණ කරනු.
මේ සද්ධ්‍යාන ඝටනා නවය ය.
(32) සම්පයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන ඒකග්ගතාවෙහි සහජාත, නිස්සය, ඣාන, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. අවිපාක ඝටනා සතර විස්තර කරනු.
(36) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාක ඒකග්ගතාවෙහි සහජාත, නිස්සය, විපාක, ඣාන, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ. සවිපාක ඝටනා පස විස්තර කරනු.
මේ සද්ධ්‍යානමාර්‍ගඝටනා නවය ය.
(41) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන මනින්‍ද්‍රියයෙහි සහජාත, නිස්සය, ආහාර, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ. අවිපාක ඝටනා සතර විස්තර කරනු.
(45) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකමනින්‍ද්‍රියයෙහි සහජාත, නිස්සය, විපාක, ආහාර, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. සවිපාකඝටනා පස විස්තර කරනු.
මේ සආහාර ඝටනා නවය ය.
(50) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන චිත්තාධිපතියෙහි අධිපති, සහජාත, නිස්සය, ආහාර, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. අන්‍යෝන්‍ය සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය දෙක හා විප්‍රයුක්ත ප්‍රත්‍යය දෙක හා විප්‍රයුක්ත ප්‍රත්‍යය ද ගෙන ඉතිරි අවිපාක ඝටනා දෙක විස්තර කරනු.
(53) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ලෝකෝත්තර ඵලචිත්තාධිපතියෙහි අධිපති, සහජාත, නිස්සය, විපාක, ආහාර, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ. අන්‍යෝන්‍ය සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය දෙක ද විප්‍රයුක්ත ප්‍රත්‍යය ද යොදා ඉතිරි ඝටනා දෙක විස්තර කරනු. සවිපාක ඝටනා තුනෙකි.
මේ සාධිපති ආහාර ඝටනා සය ය.
(56) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන විරියාධිපතියෙහි අධිපති, සහජාත, නිස්සය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. අවිපාක ඝටනා තුන සම්පූර්‍ණ කරනු.
(59) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලචිත්තයෙහි වූ වීර්‍ය්‍යාධිපතියෙහි අධිපති, සහජාත, නිස්සය, විපාක, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ. සවිපාක ඝටනා තුනෙකි.
මේ සාධිපති ඝටනා සය ය.
(62) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා ත්‍රිහේතුක චිත්තජ රූප ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන අමෝහයෙහි හේතු, සහජාත, නිස්සය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. අවිපාක ඝටනා සතර සම්පූර්‍ණ කරනු.
(66) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා ත්‍රිහේතුක චිත්තජරූප ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකාමෝහයෙහි හේතු, සහජාත, නිස්සය, විපාක, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ. සවිපාකඝටනා පස සම්පූර්‍ණ කරනු.
මේ සහේතු මග්ග ඝටනා නවය ය.
(71) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතියෙහි හේතු, අධිපති, සහජාත, නිස්සය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ. අවිපාකඝටනා තුන සම්පූර්‍ණ කරනු.
(74) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලචිත්ත සම්ප්‍රයුක්ත වීමංසාධිපතියෙහි හේතු, අධිපති, සහජාත, නිස්සය, විපාක, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ. සවිපාකඝටනා තුන සම්පූර්‍ණ කරනු.
මේ හේතු අධිපති මග්ග ඝටනා සය ය.