(1) සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන නාමාහාරත්‍රය වූ අරූපාහාර ප්‍රත්‍යයෙහිද ආධ්‍යාත්මික සන්තානයෙහි වූ චතුසමුට්ඨානික රූපයන්ට ප්‍රත්‍යය වන ආධ්‍යාත්මික සන්තානයෙහි ඇති චතුසමුට්ඨානික ඕජාව ය, බාහිරසන්තානයෙහි වූ සෘතුජ ඕජාවය යන රූපාහාර ප්‍රත්‍යයෙහි ද අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දෙක ගැටේ.
මේ මිශ්‍රක ඝටනාව ය.
(2) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන ස්පර්‍ශ චේතනා විඥාන සඞ්ඛ්‍යාත නාමාහාර ප්‍රත්‍යයෙහි සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.
(3) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන නාමාහාරත්‍රයෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
(4) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන නාමාහාරත්‍රයෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.
(5) චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන නාමාහාරත්‍රයෙහි සහජාත, නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
මේ අවිපාක ඝටනා සතර ය.
(6) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන ඵස්ස චේතනා විඤ්ඤාණ යන විපාකානාමා හාරත්‍රයෙහි සහජාත, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
(7) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන විපාක නාමාහාරත්‍රයෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.
(8) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන විපාක නාමාහාරත්‍රයෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.
(9) චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක නාමාහාර ප්‍රත්‍යයෙහි සහජාත, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.
(10) හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට අයත් නාමාහාරත්‍රයෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.
මේ සවිපාක ඝටනා පස ය.
මෙසේ සාමාන්‍ය ඝටනා නවයෙකි.
(11) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන චේතනාහාරයෙහි සහජාත, නිස්සය, කම්ම, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
12, 13, 14 අන්‍යෝන්‍ය ප්‍රත්‍යය ද, අන්‍යෝන්‍යසම්ප්‍රයුක්ත ප්‍රත්‍යය දෙක ද, විප්‍රයුක්තප්‍රත්‍යය ද යොදා ඉතිරි ඝටනා තුන ද වුක්තානු සාරයෙන් විස්තර කරනු.
(15) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාක චේතනාහාරයෙහි සහජාත, නිස්සය, කම්ම, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.
16, 17, 18, 19 අන්‍යෝන්‍ය ශක්තිය ද, අන්‍යෝන්‍ය සම්ප්‍රයුක්ත ශක්ති දෙක ද, විප්‍රයුක්ත ශක්තිය ද, අන්‍යෝන්‍ය විප්‍රයුක්ත ශක්ති දෙක ද ගෙන ඉතිරි ඝටනා සතර විස්තර කරනු.
මේ සවිපාක ඝටනා පස ය.
මෙසේ සකම්මඝටනා නවයක් වේ.
20, 21, 22, 23 සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විඤ්ඤාණාහාරයෙහි සහජාත, නිස්ස, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ. ඉතිරි ඝටනා තුන ද විස්තර කරනු.
මේ අවිපාක ඝටනා සතර ය.
(24) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාක විඤ්ඤාණාහාරයෙහි සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. ඝටනා පස සම්පූර්‍ණකොට කියනු.
මේ අවිපාක ඝටනා පස ය.
මෙසේ සඉන්‍ද්‍රිය ඝටනා නවයක් වේ.
(29) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන චිත්තාධිපතියෙහි අධිපති, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ. ඉතිරි ඝටනා දෙක ද විස්තර කරනු.
මේ අවිපාක ඝටනා තුන ය.
(32) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ලෝකෝත්තර ඵලචිත්ත සඞ්ඛ්‍යාත චිත්තාධිපතියෙහි අධිපති, සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.
33, 34, ඉතිරි දෙක වුක්තානුසාරයෙන් දත යුතු.
මේ සාධිපති ඉන්‍ද්‍රිය ඝටනා සය ය.