කර්‍ම ප්‍රත්‍යය ඝටනා

star_outline

(1) පශ්චිම පශ්චිම වූ විපාකසිත් සතිසට හා චෛතසික අටතිසට ප්‍රත්‍යය වන බලවත් වූ පූර්‍වයෙහි වූ කුශලාකුශල චේතනාවන්හි උපනිඃශ්‍රය ප්‍රත්‍යය ශක්තිය ගැටේ.

(2) මාර්‍ගානන්තර ඵලචිත්තයන්ට ප්‍රත්‍යය වන මාර්‍ගචේතනා සතරෙහි අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

මේ ප්‍රකීර්‍ණක ඝටනා දෙක ය.

(3) සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන චේතනාවන්හි සහජාත, නිස්සය, ආහාර, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

(4) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන චේතනාවෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ආහාර, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.

(5) සම්පයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන චේතනාවෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ආහාර, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.

(6) චිත්තජරූපයන්ට හා ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන චේතනාවෙහි සහජාත, නිස්සය, ආහාර, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.

මේ අවිපාක ඝටනා සතර ය.

(7) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාක චේතනාවෙහි සහජාත නිස්සය විපාක, ආහාර, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.

(8) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන විපාක චේතනාවෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ආහාර, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.

(9) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන විපාක චේතනාවෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ආහාර, විපාක, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ.

(10) චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට පමණක් ප්‍රත්‍යය වන විපාක චේතනාවෙහි සහජාත, නිස්සය, ආහාර, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.

(11) හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි චේතනාවෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ආහාර, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ.

ප්‍රකීර්‍ණක ඝටනා දෙකය සහජාත ඝටනා නවයය යි.

කර්‍මප්‍රත්‍යය ඝටනා එකොළොසකි.