ආසේවන ප්‍රත්‍යය ඝටනා

star_outline

(1) ප්‍රථම ජවන ඵලජවන වර්ජිත පශ්චිම පශ්චිම වූ ජවන එක් පනස ය, චෛතසික දෙපනස ය යන මොවුන්ට ප්‍රත්‍යය වන සමාන ජාති ඇත්තා වූ අන්තිමජවන වර්ජිත පූර්‍ව පූර්‍ව වූ ලෞකික ජවන සත් සාළිස ය, චෛතසික දෙපනස ය යන මේ ධර්‍මයන්හි අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

ආසේවන ප්‍රත්‍යය ඝටනා එකකි.