(හේතුමූලක අත්‍ථි සභාගය)

star_outline

හේතුමූලක අත්‍ථිසභාගයෙහි හේතුෂට්කයෙන් අන්‍ය වූ සහජාතාස්ති ප්‍රත්‍ය ය, පුරේජාතාස්තිප්‍රත්‍යය ය, පශ්චාජ්ජාතාස්ති ප්‍රත්‍යය ය, ආහාරාස්තිප්‍රත්‍යය ය, ඉන්‍ද්‍රියාස්තිප්‍රත්‍යය ය යන මොවුහු හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. “න හෙතුපච්චයා අත්‍ථියා තෙරස” අස්තිප්‍රත්‍යය බැහැර කරන ධර්‍ම නැත්තේ ය.

ආරම්මණපුරේජාතයෙන් අන්‍ය වූ සකලාරම්මණප්‍රත්‍යය ය, අනන්තරෝපනිඃශ්‍රයප්‍රත්‍යය ය, ප්‍රකෘතෝපනිඃශ්‍රයප්‍රත්‍යය ය නානාක්‍ෂණික කර්‍මප්‍රත්‍යය ය යන මේ ප්‍රත්‍යයධර්‍මයෝ තිදෙන හේතුප්‍රත්‍යය ද නො වෙති. අස්තිප්‍රත්‍යය ද නො වෙති. පච්චනීයයෙහි “න හෙතුපච්චයා න අත්‍ථියා නව”

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සහේතුකචිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන හේතුෂට්කය “හෙතුපච්චයා අත්‍ථියා සත්ත” අවිගතසභාගය අත්‍ථිසභාගය මෙනි.