(හේතුමූලක විප්පයුත්ත සභාගය)

star_outline

හේතුමූලක විප්පයුත්තසභාගයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන හේතු ෂට්කයෙන් අන්‍ය වූ පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි හේතු තුනෙන් අන්‍ය වූ පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හෘදයවස්තූහුය යන සහජාතවිප්‍රයුක්තප්‍රත්‍යය ය, අරූප විපාක වර්ජිත සප්තවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන ෂට්වස්තු සඞ්ඛ්‍යාත පුරේජාත විප්‍රයුක්තප්‍රත්‍යය ය පශ්චාජ්ජාත ප්‍රත්‍යය ය යන මේ ධර්‍මයෝ හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. “න හෙතුපච්චයා විප්පයුත්තෙ පඤ්ච”

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන හේතුධර්‍මයන් ගෙන් අන්‍ය -පෙ- “හෙතුපච්චයා න විප්පයුත්තෙ තීණි”

වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යයෙන් අන්‍ය වූ සකලාරම්මණප්‍රත්‍යය ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන හේතුෂට්කයෙන් අන්‍ය වූ සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයේා ය, ඔවුනොවුන්ට හා උපාදායරූපයන්ට ප්‍රත්‍යය වන මහාභූතසතර ය යන සහජාත ප්‍රත්‍යය ය, අනන්තරෝපනිඃශ්‍රයප්‍රත්‍යය ය, ප්‍රකෘතෝපනිඃශ්‍රයප්‍රත්‍ය ය, නානාක්‍ෂණිකකර්‍ම ප්‍රත්‍යය ය, රූපාහාරප්‍රත්‍යය ය, රූපජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යය යන ප්‍රත්‍යය ධර්‍මයෝ සදෙන හේතුප්‍රත්‍යය ද විප්‍රයුක්තප්‍රත්‍යය ද නො වෙති. පච්චනීයයෙහි “න හෙතුපච්චයා නවිප්පයුත්තෙ නව”

සහේතුකචිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන හේතූහු සදෙන හේතුප්‍රත්‍යය ද වෙති. විප්‍රයුක්තප්‍රත්‍යය ද වෙති. “හෙතුපච්චයා විප්පයුත්තෙ තීණි” තීණි යනු කුසලො අබ්‍යාකතස්ස අකුසලො අබ්‍යාකතස්ස, අබ්‍යාකතො අබ්‍යාකතස්ස යන වාරයෝ ය. විස්තර කරනු.