(හේතුමූලක සම්පයුත්ත සභාගය)

star_outline

හේතුමූලක සම්ප්‍රයුක්තසභාගයෙහි ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන හේතුෂට්කයෙන් අන්‍ය සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. “න හෙතුපච්චයා සම්පයුත්තෙ තීණි”

සහේතුකචිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන හේතූහු සදෙන හේතුප්‍රත්‍යය වී සම්ප්‍රයුක්තප්‍රත්‍යය නොවීමෙන් සම්ප්‍රයුක්තප්‍රත්‍යය බැහැර කෙරෙති. “හෙතුපච්චයා න සම්පයුත්තෙ තීණි”

සකලාරම්මණප්‍රත්‍යය ය, චිත්තජප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන හේතු සයෙන් අන්‍ය වූ පඤ්චවෝකාරප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට හා උපාදායරූපයන්ට ප්‍රත්‍යය වන මහාභූත සතර ය ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි හේතු තුනෙන් අන්‍ය වූ ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධ හෘදයවස්තූහු ය යන සහජාතප්‍රත්‍යය ය, අනන්තරෝපනිඃශ්‍රය ය, ප්‍රකෘතෝපනිඃශ්‍රයප්‍රත්‍යය ය, වස්තුපුරේජාත ප්‍රත්‍යය ය, පශ්චාජ්ජාත ප්‍රත්‍යය ය, නානාක්‍ෂණික කර්‍මප්‍රත්‍යය ය, රූපාහාරප්‍රත්‍යය ය, රූපජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ය යන මේ ප්‍රත්‍යය ධර්‍මයෝ අට දෙන හේතු ප්‍රත්‍යය ද නො වෙති. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ද නො වෙති. “න හෙතුපච්චයා න සම්පයුත්තෙ එකාදස”

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන හේතූහු සදෙන හේතු ප්‍රත්‍යය ද වෙති. සම්ප්‍රයුක්තප්‍රත්‍යය ද නොවෙති. “හෙතුපච්චයා සම්පයුත්තෙ තීණි” තීණි යනු කුසලො කුසලස්ස, අකුසලො අකුසලස්ස, අබ්‍යාකතො අබ්‍යාකතස්ස යන තුන ය. විස්තර කරනු.