(හේතුමූලක මග්ග සභාගය)

star_outline

හේතුමූලක මග්ගසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූපප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යයවන අමෝහයෙන් අන්‍ය වූ මාර්‍ගාඞ්ගයෝ සත් දෙන මාර්‍ගප්‍රත්‍යය වී හේතුප්‍රත්‍යය නො වීමෙන් හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. පච්චනීයානුලෝමයෙහි “න හෙතු පච්චයා මග්ගෙ සත්ත”

සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුකචිත්තජ රූප සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන අමෝහයෙන් අන්‍ය වූ හේතුධර්‍ම පස හේතුප්‍රත්‍යය වී මාර්‍ග ප්‍රත්‍යය නො වීමෙන් මාර්‍ග ප්‍රත්‍යය බැහැර කෙරෙති, අනුලෝම පච්චනීයයෙහි “හේතුපච්චයා න මග්ගෙ සත්ත”

සකලාරම්මණප්‍රත්‍යය ය, ඔවුනොවුන්ට හා චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන හේතු සයෙන් හා මාර්‍ගාඞ්ග අටෙන් අන්‍ය වූ සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍යය වන මහාභූත සතර ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි හේතු තුනෙන් හා මාර්‍ගාඞ්ග අටෙන් අන්‍යවූ පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හා හෘදය වස්තුවය යන සහජාත ප්‍රත්‍යය ය, අනන්තරෝපනිඃශ්‍රයප්‍රත්‍යය, ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ය, වස්තු පුරේජාත ප්‍රත්‍යය ය, පශ්චාජ්ජාත ප්‍රත්‍යය ය, නානාක්‍ෂණික කර්‍මප්‍රත්‍යය ය, රූපාහාර ප්‍රත්‍යය ය, රූප ජීවිතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ය යන මේ ධර්‍මයෝ හේතු ප්‍රත්‍යය ද නො වෙති. මාර්‍ගප්‍රත්‍යය ද නො වෙති. පච්චනීයයෙහි න හේතුපච්චයා න මග්ගෙ පන්නරස”

සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන අමෝහය හේතුප්‍රත්‍යය ද මාර්‍ග ප්‍රත්‍යය ද වේ, “හේතුපච්චයා මග්ගෙ චත්තාරි” විස්තර කරනු.