(හේතුමූලක නිස්සය සභාගය)

star_outline

හේතුමූලක නිස්සය සභාගයෙහි හේතූන්ගෙන් අන්‍ය වූ සහජාතනිඃශ්‍රයප්‍රත්‍යය ධර්‍මයෝ ය, අරූපවිපාක වර්ජිත සප්තවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන ෂට්වස්තුව වූ පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය ය යන මොහු හේතු ප්‍රත්‍යය බැහැර කෙරෙති. “න හෙතුපච්චයා නිස්සයෙ තෙරස.”

හේතුප්‍රත්‍යය වී නිඃශ්‍රයප්‍රත්‍යය නො වන ධර්‍ම නැති බැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න නිස්සයෙ” යනාදිය නො වදාළ සේක.

වස්ත්‍වාරම්මණයෙන් අන්‍ය සකල ආරම්මණප්‍රත්‍යය ධර්‍මයෝ ය, අනන්තරූපනිඃශ්‍රයප්‍රකෘතෝපනිඃශ්‍රයප්‍රත්‍යයෝ ය, පශ්චාජ්ජාත ප්‍රත්‍යය ය, නානාක්‍ෂණික කර්‍මප්‍රත්‍යය ය, රූපාහාරප්‍රත්‍යය ය, රූපජීවිතේන්‍ද්‍රිය ය යන ප්‍රත්‍යය ය සත හේතුප්‍රත්‍යයය ද නොවෙති. නිඃශ්‍රයප්‍රත්‍යය ද නො වෙති. පච්චනීයයෙහි “න හෙතුපච්චයා න නිස්සයෙ එකාදස.”

සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන හේතූහු හේතුප්‍රත්‍යය ද වෙති, නිඃශ්‍රය ප්‍රත්‍යය ද වෙති. ආනුලෝමයෙහි “හෙතුපච්චයා නිස්සයෙ සත්ත” හේතුවිභඞ්ගය අනුව විස්තර කරනු.