නිවන හා සත්ත්වයා

star_outline

සත්ත්වයාය - පුද්ගලයාය - මමය - අනිකාය - මිනිසාය - දෙවියාය - තිරිසනාය කියා ව්‍යවහාර කරන්නේ නාම රූපයන්ට ය. නිවන ය යි කියනුයේ නාම රූප නිරෝධයට ය. නාමරූප ඇතිතාක් එතැන නිරෝධය නැත. නිරෝධය ඇතිනම් එතැන නාමරූප නැත. නිවන සත්ත්වයන් යන එන සිටින තැනක් නොවන බව මේ සූත්‍රයෙහි දක්වන්නේ සත්ත්ව වශයෙන් සලකන නාම රූපයන් එහි ඇති නො වන නිසා ය. නැති බැව්හි ඇති බව නො පැවතිය හැකි ය.