අංග දොළොස

මෙහි අංග දොළොසෙකි. එනම් :- අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරාමරණ යන මේ දොළොස ය. ශෝකාදිය අංගභාවයෙන් ගණන් නො ගනු ලැබේ. මේවායින් අවිද්‍යා සංඛාර දෙක අතීතාංගයෝ ය. ජාති ජරාමරණ දෙක අනාගතාංගයෝ ය. විඥානාදි මැද අට වර්තමානාංගයෝ ය.