“බිම්බොහනෙ ජිනෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
ඡානානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම
-
උණ්ණිකෙ පදුමකෙ ච අථො ලොහිත චන්දනෙ,
බිම්බොහනෙ උපාධෙමි උත්තමංගං සදා මම.
-
අට්ඨංගිකෙ මග්ගවරෙ සාමඤ්ඤෙ චතුරො ඵලෙ
තෙසු ඤාණං උපනෙත්වා විහාරෙ සබ්බකාලිකං
-
දානෙ දමෙ සඤ්ඤමෙ ච අප්පමඤ්ඤාසු රූපිසු
තෙසු ඤාණං උපනෙත්වා විහාරෙ සබ්බකාලිකං
-
වත්තෙ ගුණෙ පටිපත්ති ආචාරකිරියාසු ච
තෙසු ඤාණං උපනෙත්වා විහාරෙ සබ්බදා අහං
-
චංකමෙ වා පධානෙ වා විරියෙ බොධිපක්ඛියෙ
තෙසු ඤාණං උපනෙත්වා විහාරාමි යදිච්ඡකං
-
සිලං සමාධිපඤ්ඤා ච විමුත්තී ච අනුත්තරා
තෙසු ඤාණං උපනෙත්වා විහාරාමි සුඛං අහං”
බුදුනට ද සඟනට ද කොට්ට පුදා කර්මයට අනුරූප වූ අනුසස් සයක් ලබමි. ලොමින් කරන ලද්දා වූ ද පද්මාකාර වූ ද, ලෝහිත චන්දනයෙන් කරන ලද්දා වූ ද කොට්ට වල සැම කල්හි මාගේ හිස තබමි. උත්තම වූ අෂ්ටාංගික මාර්ගයෙහි ද සතරක් වූ ශ්‍රාමණ්‍ය ඵලයෙහි ද යන මේ ධර්මයන්හි ඥානය එළවා සැම කල්හි වෙසෙමි. දීමෙහි ද, ඉන්ද්‍රිය දමනයෙහි ද, සිත සමාධි කිරීමෙහි ද, අප්‍රමාණ්‍යන්හි ද, රූපධ්‍යානයන්හි ද, සැම කල්හි ඥානය එළවා වෙසමි. වතෙහි ද, ගුණයෙහි ද, ප්‍රතිපත්තියෙහි ද, ආචාර ක්‍රියාවන්හි ද, සැම කල්හි ඥානය යොදවා වෙසමි. සක්මනෙහි ද, සම්‍යක් ප්‍රධානයෙහි ද වීර්‍ය්‍යයෙහි ද, බෝධිපාක්ෂික ධර්මයෙහි ද රිසිසේ ඥානය එළවා වෙසෙමි. ශීලයය, සමාධිය ය, ප්‍රඥාව ය, අනුත්තර විමුක්තියය යන මේ ධර්මයන්හි සුවසේ ඥානය එළවා මම වෙසෙමි.