“භිසියො සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම
-
සමගත්තො අපචිතො මුදුකො චාරු දස්සනො
ලභාමි ඤාණපරිවාරං භිසිදානස්සිදං ඵලං
-
තුලිකා විකතිකායො කට්ඨිස්සා චිත්තකා බහු
වරපොත්ථකෙ කම්බලෙ ච ලභාමි විවිධෙ අහං
-
පවාරිකෙ ච මුදුකෙ මුදුකා ජිනවෙණියො
ලභාමි විවිධත්ථාරෙ භිසිදානස්සිදං ඵලං
-
යතො සරාමි අත්තානං යතො පත්තොස්මි විඤ්ඤුතං
අතුච්ඡො ඣාන මඤ්චොම්හි භිසිදානස්සිදං ඵලං”
බුදුනට හා මහසඟනට ද මෙට්ට පුදා කර්මයට අනුරූප වූ අනුසස් සයක් ලබමි. සම වූ ශරීර ඇත්තේ වෙමි. ගරු කරන ලද්දේ වෙමි. මෘදු ශරීර ඇත්තේ වෙමි. මනා දැකුම් ඇති ශරීර ඇත්තේ වෙමි. ඥානය හා පිරිවර ලබමි. මෙය භිසි දානයාගේ ඵලය වන්නේ ය. පුළුන් ගුදිරි ද, සිංහව්‍යාඝ්‍රාදි රූපයෙන් විසිතුරු කළ ඇතිරි ද, රන් රිදී කෙඳි මිශ්‍ර කොට වියන ලද ඇතිරි ද, විසිතුරු කොට වියන ලද ඇතිරි ද, නියඳින් කළ ඇතිරි ද, කම්බිලි ද යන නානාවිධ බොහෝ ඇතිරි ලබමි. මෘදු වූ උතුරු සළු ද අඳුන් දිවි සමින් ඇඳ පමණට කළ ඇතිරි ද යන නානා ප්‍රකාර ඇතිරි ලබමි. මෙය භිසිදානයාගේ ඵලය ය. යම් කලෙක පටන් මා සිහි කෙරෙම් ද, යම් කලෙක පටන් නුවණැති බවට පැමිණියෙම් ද, එතැන් පටන් ධ්‍යානයෙන් හිස් නො වූයෙමි. ධ්‍යාන නමැති ඇඳ ඇත්තේ වෙමි. මෙය භිසිදානයා ගේ ඵලය ය.