“පීඨකෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
පඤ්චා නිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
-
උච්චෙ කුලෙ පජායාමි මහාභොගො භවාමහං,
සබ්බේ මං අපචායන්ති කිත්ති අබ්භුග්ගතා මම
-
කප්පසත සහස්සානි පල්ලංකා චතුරස්සකා
පරිවාරෙන්ති මං නිච්චං සංවිභාගරතො අහං.”
බුදුනට ද සඟනට ද පුටු පුදා කර්මයට අනුරූප වූ අනුසස් පසක් ලබමි. මම උසස් කුලයෙහි උපදිමි. මහා භෝග ඇත්තේ වෙමි. සියල්ලෝ ම මට ගරු කෙරෙති. මාගේ කීර්තිය පැන නැංගේ ය. කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි පුටු මා පිරිවරයි. මම දීමේ ඇලුණෙමි.