“කත්තරදණ්ඩෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,
ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම
-
පුත්තා මය්හං බහූ හොන්ති තාසො මය්හං න විජ්ජති
අප්පසය්හෝ සදා හොමි සබ්බාරක්ඛෙහි රක්ඛිතො
ඛලිතං මං න ජානාමි අභන්තං මානසං මම”
බුදුනට ද සඟනට ද සැරයටි පුදා මාගේ කර්මයට අනුරූප වූ පරිදි අනුසස් සයක් ලබමි. මා හට පුත්‍රයෝ බොහෝ වෙති. තැති ගැනීමක් මට නැත. හැම කල්හි අනුන් විසින් පිඩා නො කළ හැක්කේ වෙමි. සකලාරක්ෂාවෙන් ආරක්ෂා කරන ලද්දේ වෙමි. මාගේ වැරදීමක් නො දකිමි. මාගේ සිත නො පෙළන ලද්දේ ය.