“පරිස්සාවනෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,
පඤ්චනිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
-
සබ්බෙසං සමතික්කම්ම දිබ්බං ආයුං ලභාමහං,
අප්පසය්හො සදා හොමි චොරපච්චත්ථිකෙහි වා
-
සත්ථෙන වා විසෙන වා විහෙසම්පි න කුබ්බතෙ
අන්තරා මරණං නත්ථි තෙසං නිස්සන්දතො මම.”
බුදුන් වහන්සේට ද ගණෝත්තම වූ මහා සංඝයා වහන්සේට ද, පෙරහන්කඩ දී මාගේ කර්මයනට අනුරූප වූ අනුසස් පසක් ලබමි. මම හැම දෙනාම ඉක්මවා දිව්‍යායුෂය ලබමි. සොරුන් විසින් ද සතුරන් විසින් ද සැම කල්හි හිංසා නො කළ හැක්කේ වෙමි. ආයුධයෙන් ද විෂයෙන් ද මාහට හිංසාවක් නොවේ. පෙරහන්කඩ පිදීමේ නිස්සන්දනයෙන් මා හට අතුරු මරණයක් නැත.