“සූචියො සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,
පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම
-
න සංසයො කංඛච්ඡෙදො අභිරූපො ච භොගවා
තික්ඛපඤ්ඤො සදා හොමි සංසරන්තො භවාභවෙ
-
ගම්හීරං නිපුණං ඨානං අත්ථං ඤාණෙන පස්සයිං
වජිරග්ග සමං ඤණං හොති මෙ තමඝාතනං”
බුදුන්වහන්සේට හා උත්තම සංඝයා වහන්සේට ඉදිකටු පුදා මාගේ කර්මයට අනුරූප ආනිසංස පසක් ලබමි. සැක නැත්තේ වෙමි. සැක සිඳින්නේ වෙමි. රූ ඇත්තේ වෙමි. භෝග ඇත්තේ වෙමි.
භවයෙහි හැසිරෙන්නා වූ මම හැම කල්හි ම තියුණු නුවණ ඇත්තේ වෙමි. ගම්භීර වූ ද සියුම් වූ ද ස්ථාන වූ ද අර්ථයන් ඥානයෙන් දිටිමි. මොහඳුර දුරු කරන්නා වූ වඡ්‍රායුධාග්‍රහයට සම වූ ඥානය මා හට ඇත්තේ ය.