“චිත්තබන්ධන සම්බද්ධා සුකතා වාසියො බහූ
දත්වාන බුද්ධ සෙට්ඨස්ස සංඝස්ස ච තථෙවහං
අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
-
සූරො හොමි විසාරී ච වෙසාරජ්ජේසු පාරමී
ධිතී විරියවා හොමි පග්ගහිත මනො සදා.
-
කිලෙසච්ඡෙදනං ඤාණං සුඛුමං අතුලං සුචිං
සබ්බත්ථ පටිලභාමි තස්ස නිස්සන්දතො අහං.”
විචිත්‍ර බන්ධනයෙන් බඳනා ලද (විසිතුරු මිටි ඇති) මනා කොට කරන ලද්දා වූ බොහෝ කරකැති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට හා මහා සංඝයා වහන්සේට ද පුදා මාගේ කර්මයට අනුරූප වූ ආනිසංස අටක් වළඳමි. මම හැම කල්හි සූර ද වෙමි. නො විසිරි සිත් ඇත්තේ ද වෙමි. වෛශාරද්‍යයෙහි පරතෙරට පැමිණියෙමි. ධෛර්‍ය්‍ය ඇත්තේ වෙමි. වීර්‍ය්‍ය ඇත්තේ වෙමි. ඔසවා ගන්නා ලද සිත් ඇත්තේ වෙමි. කෙලෙස් සිඳින්නා වූ සියුම් වූ අසම වූ ශුද්ධ වූ ඥානය හැම කල්හි ඒ කර්ම බලයෙන් ලබමි. (මෙහි පෙනෙන්නේ කරුණු සතෙකි. එබැවින් අට්ඨානිසංසෙ අනුභොමි යන්න සත්තානිසංසෙ අනුභොමි යි කියා විය යුතු ය යි සිතමි.)