“පත්තෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
-
සුවණ්ණථාලෙ මණිථාලෙ රජතෙ පි ච ථාලකෙ
ලොහිතංකමයෙ ථාලෙ පරිභූඤ්ජාමි සබ්බදා.
-
අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා
ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස සයනස්ස ච.
-
න විනස්සන්ති මෙ භොගා ථිරචිත්තො භවාමහං
ධම්මාකාමො සදා හොමි අප්පක්ලේසො අනාසවො.
-
දෙවලොකෙ මනුස්සෙ වා අනුබන්ධා ඉමෙ ගුණා
ඡායා යථාපි රුක්ඛස්ස සබ්බත්ථ න ජහන්ති මං.”
බුදුන් වහන්සේට ද උත්තම වූ සංඝයා වහන්සේට ද පාත්‍ර පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් දසයක් වළඳමි. රන් තලි ද මැණික් තලි ද රිදී තලි ද රන් මැණික් තලි ද හැම කල්හි පරිභෝග කරමි. උපද්‍රව නැත්තේ ද අනතුරු නැත්තේ ද වෙමි. හැම කල්හි ගරු කරන ලද්දේ වෙමි. ආහාර පාන වස්ත්‍ර සයනාසන ලබන්නේ වෙමි. මාගේ භෝගයෝ නො නසිති. මම ස්ථිර සිත් ඇත්තේ වෙමි. හැම කල්හි ම ධර්මය කැමති වෙමි. මඳ කෙලෙස් ඇත්තේ වෙමි. ආශ්‍රව රහිත වෙමි. මේ ගුණයෝ දිව්‍යලෝකයේ ද මනුෂ්‍ය ලෝකයේ ද යන හැම තන්හි ඡායාව වෘක්ෂය නො හරන්නක් මෙන් මා නො හරිත්.