“යෙ කෙචි මෙ අත්ථි රසා පතව්‍යා
සච්චං තෙසං සාධුතරං රසානං
සච්චෙ ඨිතා සමණා බ්‍රාහ්මණා ච
තරන්ති ජාති මරණස්ස පාරං”
“පොළොවෙහි යම් පමණ රස ඇත්තේ ද, ඒ රසයන්ගෙන් සත්‍යය හොඳම රසය වේ. සත්‍යයෙහි පිහිටියා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ජාති මරණයන්ගේ පරතෙරට යෙති ය” යනු එහි තේරුම යි. මෙලොව ම සත්‍යයෙහි පිහිටි තැනැත්තා කීර්තිය ඇතියෙක් වේ. ලෝකයා ගරු කරන්නෙක් වේ. විශ්වාසය තබන්නෙක් වේ. සත්‍යයේ බලයෙන් ආත්මාර්ථ පරාර්ථ දෙක ම සිදු කිරීමට සමතෙක් වේ. මෙසේ සත්‍යයෙහි ඇති බොහෝ අනුසස් මෙනෙහි කළ යුතු ය.