මහ බෝසතාණන් වහන්සේ සීලවරාජ කාලයේ දී තමන්ගේ දේවිය දූෂණය කළ ඇමතියා විසින් පොළඹ වන ලදුව තුන්සිය යොදුන් රාජ්‍යය පැහැර ගැනීම්ට ආ රජු වැළැක්වීමට, තමන්ගේ ඇමතියන්ට ආයුධයකට අත තබන්නට වත් නුදුන්හ. සතුරු රජු විසින් ඇමතියන් දහස් දෙනා ද සමඟ අමු සොහොනෙහි ගෙල දක්වා පණ පිටින් වළලනු ලැබූ කල්හි ද අල්පමාත්‍රයකදු කෝප නො වී, රාත්‍රී කාලයේ සිවලුන් විසින් බිම කැණීමේ උපකාරයෙන් වළෙන් නැඟී, ඇමතියන් දහස ද බේරා ගෙන දේවතානුභාවයෙන් රාත්‍රියේ ම රජ වාසලට පැමිණි කල තමන් වහන්සේගේ සිරි යහන්හි නිදා සිටි දුෂ්ට රජු දැකැ, කිසිදු නපුරක් නො කොට සතුරු රජා තමන් වහන්සේගේ මිතුරකු කර ගත්හ.