4. කුම්භීල ජාතකය (224)

star_outline

යස්සෙතෙ චතුරො ධම්මා (යමෙකුට මේ සතර ධර්මයෝ වෙත් ද) යන මේ දේශනාව ශාස්තෘන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත තෙරුන් අරබයා දේශනා කළ සේක.

“වානරේන්ද්‍රය! ඔබහට මෙන් යම් පුද්ගලයෙකුට සත්‍යය ද, ප්‍රඥාව ද, වීර්යය ද, ත්‍යාගය ද යන මේ කරුණු සතර පවතී නම්, හෙතෙම සතුරාව මැඩපවත්වා ජය ගනී.”

“සත්‍යය ද, ප්‍රඥාව ද, වීර්යය ද, ත්‍යාගය ද යන මේ අතිශය යහපත් ගුණාංග යමෙකුට නොමැත්තේ ද, ඔහුට සතුරාව මැඩපවත්වා ජය ගත නොහැක.”

එහි ගුණා පරමභද්දකා යනු, රාශි වශයෙන් හෝ පිණ්ඩ වශයෙන් ගත් කල යමෙකුට මෙම අතිශය යහපත් වූ ගුණ හතර නොමැත්තේ නම්, ඔහුට තම සතුරා මැඩපැවැත්විය නොහැකි බවයි. මෙහි ඉතිරි සියල්ල මින් පෙර සඳහන් කුම්භීල ජාතකයෙහි දැක්වූ ක්‍රමය සමඟ සැසඳිය යුතුය.

සතර වන කුම්භීල ජාතක වර්ණනාවයි.