නායං පුරෙ උණ්ණමති යනුවෙන් ඇරඹෙන මෙම කකණ්ටක ජාතකය මහා උම්මග්ග ජාතකයේ (ජාතක අංක 546) මතු සඳහන් වන්නේ ය.
දස වැනි කකණ්ටක ජාතක වර්ණනාව යි.
දෙවැනි සන්ථව වර්ගය නිමියේ ය.
එහි උද්දානය (ජාතක නාම සාරාංශ ගාථාව) මෙසේ ය:
ඉන්දසමානගොත්ත ජාතකය ද, සන්ථව ජාතකය, සුසීම ජාතකය, ගිජ්ඣ ජාතකය;
නකුල ජාතකය, උපසාළක ජාතකය, සමිද්ධි ජාතකය හා
සකුණග්ඝි ජාතකය;
අරක ජාතකය සහ කකණ්ටක ජාතකය ද (වශයෙන් ජාතක දහයක් මෙහි වේ).