2. චූළජනක ජාතකය (52)

star_outline

“වායමෙථෙව පුරිසො” (පුරුෂයා වෑයම් කළ යුතුමය) යන පදයෙන් ඇරඹෙන මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි, වීර්යය අත්හළ භික්ෂුවක් අරබයා දේශනා කළ සේක. මෙහි කියයුතු යමක් වේ නම් ඒ සියල්ල මහා ජනක ජාතකයේ (ජාතක අංක 539) විස්තර වන්නේය. ජනක රජතුමා සේසත යට හිඳ මේ ගාථාව පැවසුවේය.

“පුරුෂ තෙම වෑයම් කරන්නේමය. නුවණැත්තේ (වීර්යය අත්හැර) උකටලී නොවන්නේය. මම, (වීර්යය කිරීමෙන්) දියෙන් ගොඩ නැංගා වූ මා දකිමි.”

එහි “වායමෙථෙව” යනු වීර්යය කරන්නේමය / උත්සාහ කරන්නේමය. “උදකා ථලමුබ්භත” යනු ජලයෙන් ගොඩට පැමිණ, ගොඩබිමෙහි පිහිටියා වූ තමන්ව දකිමි යන්නයි. මෙහිදී ද වීර්යය අත්හළ භික්ෂුව රහත් ඵලයෙහි පිහිටියේය. ජනක රජතුමා වනාහි (අපගේ) සම්මා සම්බුදුරජාණන් වහන්සේම විය.

දෙවැනි වූ චූළජනක ජාතක වර්ණනාවයි.