අතීත ක්‍රියා PAST TENSE

16.  පච ධාතුව අතීත කාලයෙහි ( කත්තුකාරකයෙහි) මෙසේ වරනැගේ.

පුරුෂය එක වචන බහු වචන
3rd පඨම පුරිස අපචි: පචි, අපචී: පචී
(=පිසුවේය, හෝ පිසී)
අපචිංසු: පචිංසු, අපචුං: පචුං
(=පිසූහ)
2nd මජ්ඣිම පුරිස අපචො: පචො
(=පිසුවෙහි)
අපචිත්ථ: පචිත්ථ
(=පිසුවහු)
1st උත්තම පුරිස අපචිං: පචිං
(=පිසුවෙමි, පිසීමි)
අපචිම්හ: පචිම්හ: අපචිම්හා: පචිම්හා
(=පිසුවෙමු)

පාලි වචනය සිංහල තේරුම
පාලි වචනය සිංහල තේරුම
ගච්ඡි ගියේය
ගමි ගියේය
යාචි ඉල්ලුවේය
චරි හැසුරුණේය
පහරි ගැසුවේය
නිසීදි හුන්නේය
ගණ්හි ගත්තේය
සයි නිදාගත්තේය
දදි දුන්නේය
ධාවි දිව්වේය
හරි ගෙන ගියේය
කරි කෙළේය
ඛාදි කෑවේය
වික්කිණි විකුණුවේය
ඡින්දි කැපුවේය
කිණි මිළට ගත්තේය
භඤ්ජි කැඩුවේය
ඩසි දෂ්ට කෙළේය
ආරුහි නැංගේය
අභවි විය

ආදිය මීට සමානව වරනැගේ. වර්‍තමාන කාලයට උදාහරණ වශයෙන් දැක්වූ මුල් කොටසේ ක්‍රියා අතුරෙන් ‘තිට්ඨති’ යන්න හැර ඉතිරි සියල්ල අතීතයෙහි මෙසේ වරනැගේ. ‘ආහරති’ ආදි ස්වරයක් මුලින් ඇති පදයන්ට ‘අපචි’ ආදි තන්හි වැඩිවන කාරය නො යෙදේ.

අනු මාතෘකා
keyboard_arrow_rightඅභ්‍යාසය 7.
keyboard_arrow_rightඅභ්‍යාසය 8.