අභ්‍යාසය 8.

සිංහලට නැගියයුතු: 

  1. මුනයො මඤ්චෙසු නිසීදිංසු.
  2. අහං දීපම්හි අචරිං.
  3. චොරා ගහපතිනො නිධිං චොරෙසුං.
  4. මයං භූපතිනො අසිං ඔලොකයිම්හ.
  5. ත්‍වං අතිථිනො ආහාරං දදො.
  6. අධිපති වාණිජම්හා මණයො කිණි.
  7. පති කස්සකං වීහිං යාචි.
  8. ඉසයො කවීනං ධම්මං දෙසෙසුං.
  9. කපයො ගිරිම්හා රුක්ඛං ධාවිංසු.
  10. වාණිජා උදධිම්හි ගච්ඡිංසු.
  11. මයං මග්ගෙන ගාමං ගච්ඡිම්හ.
  12. දීපි කපිං මාරෙසි.
  13. තුම්හෙ පතිනො දීපෙ ගණ්හිත්‍ථ.
  14. අහං බුද්ධස්ස පාදෙ පූජෙසිං.
  15. කවයො කපීනං ආහාරං දදිංසු.
  16. අරයො අසිං ආනෙසුං
  17. අහි කපිනො පාණිං ඩසි.
  18. මයං ගිරිම්හා චන්‍දං පස්සාම.
  19. තුම්හෙ මුනීනං ආහාරං දදිත්‍ථ.
  20. භූපති නිධයො පාලෙසි.

 

පාලියට නැගියයුතු:

  1. දාසයා කඩුවකින් සතුරාට ගැසුවේය.
  2. අපි ගෘහපතියාට ආහාර දුනිමු.
  3. හෙතෙම (=සො) පර්‍වතයෙන් වඳුරකු ගෙනාවේය.
  4. වෙළෙන්දෝ මාර්‍ගයෙන් ගමට ගියාහුය.
  5. පක්‍ෂීහු ගසෙන් අහසට නැංගාහ.
  6. සොරු රජුගේ මැණික් සොරකම් කළහ.
  7. මම සෘෂීන්ට ආහාර දුනිමි.
  8. පණ්ඩිතයාගේ පුත්‍රයෝ භික්ෂුවගෙන් ධර්‍මය ඇසූහ.
  9. මම මාර්‍ගයෙහි දිවියකු දුටුවෙමි.
  10. සිංහයා ගල උඩ මුවා මැරුවේය.
  11. ඔවුහු (=තෙ) දිවයිනෙහි පර්‍වතය දුටුවාහ.
  12. ළමයා මුහුදට ගියේය.
  13. බල්ලෝ ගමට දිවූහ.
  14. වෙළෙන්දා අධිපතියාගෙන් අශ්වයකු මිළයට ගත්තේය.
  15. ආගන්තුකයා මිටින් මැණිකක් ගෙනාවේය.
  16. වඳුරුතෙම සර්පයා කුසින් ඇල්ලුවේය. (=ගණ්හි)
  17. ගෘහපතියා ඇඳක නිදාගත්තේය.
  18. ළමයා අත්වලින් වඳුරාට ගැසුවේය.
  19. මම රජුගේ කඩුව දුටුවෙමි.
  20. පණ්ඩිතයෝ ආහාර අනුභව කළහ.