සිංහලයට නැගියයුතු:
- මුනි ධම්මං අභාසි.
- ගහපතයො වීහිං මිණිංසු.
- අහි අධිපතිනො හත්‍ථං ඩසි.
- කවි පාණිනා මණිං ගණ්හි.
- දීපයො ගිරිම්හි චරිංසු.
- අරි අසිනා ගොණං පහරි.
- කවයො දීපම්හි නිධිං ඛණිංසු.
- තුම්හෙ අතිථීනං කපයො දදිත්‍ථ.
- මුනයො අධිපතීනං ගාමං ගච්ඡිංසු.
- කපි අහිනො කුච්ඡිං පහරි.
- ගහපතිස්ස කුමාරො උදධිං අගච්ඡි.
- අධිපති කවීනං මණයො අදදි.
- කපයො හත්‍ථෙහි රුක්ඛෙ ආරුහිංසු.
- භූපතිනො අස්සො මග්ගෙ ධාවි.
- චොරා අධිපතිනො නිධිං හරිංසු.
පාලියට නැගියයුතු:
- දිවියෝ මුවන් කෑහ.
- මුනීහු පර්‍වතයෙන් ගමට ආහ.
- සර්පයෝ මිනිසුන් දෂ්ට කළහ.
- ගෘහපතියාගේ වී සතුරෝ ගෙන ගියහ.
- පණ්ඩිතයන්ගේ මැණික් වෙළෙන්දෝ ගත්හ.
- මිත්‍රයා ආගන්තුකයාට අශ්වයකු දුන්නේය.
- සෘෂීහු අධිපතීන්ගේ ගම්වල හැසුරුණාහ.
- මුනීහු ගම්වල මිනිසුන්ට ධර්‍මය කීහ.
- ගෘහපතියා සතුරාගේ අත කැපුවේය.
- ස්වාමි පුරුෂයා ආගන්තුකයන්ට වී දුන්නේය.
- රජතෙම සොරුන්ගේ කඩු ගත්තේය.
- කාක්කා ගසෙන් අහසට නැංගේය.
- ගස උඩ වඳුරෝ දිවියාට ගැසූහ.
- ගොවියාගේ පුත්‍රයා වී රාශියක්[1] මැන්නේය.
- රජුගේ අතෙහි කඩුවක් තිබේ. (අත්‍ථි හෝ භවති)
17. චුරාදිගණික ධාතු කොටස අතීතයෙහි මෙසේ වරනැගේ:-
පුරුෂය |
ඒක වචන |
බහු වචන |
පඨම |
පාලෙසි: පාලයි (=රැක්කේය: පාලනය කෙළේය) |
පාලෙසුං: පාලයිංසු (=රැක්කාහ: පාලනය කළහ) |
මජ්ඣිම |
පාලයො (රැක්කෙහි) |
පාලයිත්‍ථ (=රැක්කාහු) |
උත්තම |
පාලයිං: පාලෙසිං (=රැක්කෙමි) |
පාලයිම්හ: පාලයිම්හා (=රැක්කෙමු) |
මීට සමානවූ අන්‍ය ක්‍රියා ස්වල්පයක්:-
පාලි වචනය |
සිංහල තේරුම |
පාලි වචනය |
සිංහල තේරුම |
|
මාරෙසි |
මැරුවේය |
පීළෙසි |
පෙළුවේය |
|
ජාලෙසි |
දැල්විය |
කථෙසි |
කීවේය |
|
දෙසෙසි |
දේශනා කෙළේය |
පාතෙසි |
හෙළුවේය |
|
චොරෙසි |
සොරකම් කෙළේය |
ඨපෙසි |
තැබුවේය |
|
ආනෙසි |
ගෙනාවේය |
නෙසි |
ගෙන ගියේය |
|
චින්තෙසි |
සිතුවේය |
පූජෙසි |
පිදුවේය |
පඨම පුරිසයෙහි
ධාතුව |
ඒක වචන |
බහු වචන |
කර - ධාතුවෙන් |
අකාසි (=කෙළේය) |
අකංසු (=කළහ) |
දා - ධාතුවෙන් |
අදාසි (=දුන්නේය) |
අදංසු (=දුන්හ) |
ඨා - ධාතුවෙන් |
අට්ඨාසි (=සිටියේය) |
අට්ඨංසු (=සිටියහ) |
ගමු - ධාතුවෙන් |
අගමාසි (=ගියේය) |
අගමංසු (=ගියහ) |
යන පද සෑදෙන බව සැලකිය යුතු.