අම්හ - තුම්හ - ශබ්ද PERSONAL PRONOUNS

18.  නිතර ව්‍යවහාරයට පැමිණෙන බැවින් අන්‍ය පුල්ලිංගික ශබ්දයන් දක්වන්නට පෙර “අම්හ තුම්හ” ශබ්ද දෙක වරනගන සැටි දක්වනු ලැබේ. මේ ශබ්ද දෙක ලිඟු වශයෙන් වෙනසක් නැතිව වරනැගෙන බැවින් අලිංගික ශබ්දයයි කියන ලදී. පුරුෂයකු “මම” ය කීවත්, ස්ත්‍රියක් “මම” ය කීවත් නපුංසකයකු “මම” ය කීවත් ශබ්දයාගේ වෙනස් වීමෙක් නැත.


අලිංගික අම්හ ශබ්දය

විභත්ති එක වචන බහු වචන
01. පඨමා අහං
(=මම)
මයං, අම්හෙ
(=අපි)
02. දුතියා මං, මමං
(=මා)
අම්හාකං, අම්හෙ
(=අප)
03. තතියා මයා, මෙ
(=මා විසින්)
අම්හෙභි, අම්හෙහි, නො
(=අප විසින්)
04. චතුත්ථි මම, මය්හං, මමං, මෙ
(=මට)
අම්හං, අම්හාකං, නො
(=අපට)
05. පඤ්චමී මයා
(=මා කෙරෙන්)
අම්හෙභි, අම්හෙහි
(=අප කෙරෙන්)
06. ඡට්ඨී මම, මය්හං, මමං, මෙ
(=මාගේ)
අම්හං, අම්හාකං, නො
(=අපගේ)
07. සත්තමී මයි
(=මා කෙරෙහි)
අම්හෙසු
(=අප කෙරෙහි)
08. කරණ මයා
(=මා කරණකොට)
අම්හෙභි, අම්හෙහි
(=අප කරණකොට)


අලිංගික තුම්හ ශබ්දය

විභත්ති එක වචන බහු වචන
01. පඨමා ත්‍වං, තුවං
(=තෝ)
තුම්හෙ
(=තෙපි, තොපි)
02. දුතියා තං, තවං, තුවං
(=තා)
තුම්හාකං, තුම්හෙ, වො
(=තොප)
03. තතියා ත්‍වයා, තයා, තෙ
(=තා විසින්)
තුම්හෙභි, තුම්හෙහි, වො
(=තොප විසින්)
04. චතුත්ථි තව, තුය්හං, තෙ
(=තට)
තුම්හං, තුම්හාකං, වො
(=තොපට)
05. පඤ්චමී තයා
(= තා කෙරෙන්)
තුම්හෙභි, තුම්හෙහි
(=තොප කෙරෙන්)
06. ඡට්ඨී තව, තුය්හං, තෙ
(=තාගේ)
තුම්හං, තුම්හාකං, වො
(=තොපගේ)
07. සත්තමී ත්‍වයි, තයි
(= තා කෙරෙහි)
තුම්හෙසු
(=තොප කෙරෙහි)
08. කරණ ත්‍වයා, තයා
(=තා කරණකොට)
තුම්හෙභි, තුම්හෙහි
(=තොප කරණකොට)


සංලක්‍ෂ්‍යය:

  1. අම්හ, තුම්හ” දෙකට ආලපනයක් නැත.
  2. මෙ, තෙ, වො, නො යන වචන වාක්‍යයක මුල නො යෙදිය යුතුයි.
අනු මාතෘකා
keyboard_arrow_rightඅභ්‍යාසය 9.