ධාතු කොටස්

13. නාමයන්ගේ වරනැගීම ලිඞ්ග වශයෙන් හා අන්ත වශයෙන් වෙනස් වේ. ක්‍රියාවන්ගේ වරනැගීම ඒ ඒ ධාතු කොටස් වශයෙන් වෙනස් වේ. ධාතුන්ගේ සියලු කොටස් පිළිබඳ විස්තරයක් දැක්වීමට මෙය අවස්ථාව නොවේ. එබැවින් මුලින් දැක්වූ භූ ධාතු කොටස හැර බහුල ව්‍යවහාරයෙහි පැමිණෙන තවත් කොටස් දෙකක් මෙහි දක්වනු ලැබේ.

චුරාදිගණ නම් කොටසට අයත් ධාතූහු රූප දෙකකින් වරනැගෙත්: රැකීම් අර්ථ ඇති පාල ධාතුවට පාලෙ, පාලය යන රූප දෙකකි: එය මෙසේ වර නැගේ:-


පාල ධාතුවේ “පාලෙ“ අංගයෙන් සෑදෙන ක්‍රියාපද

පුරුෂය එක වචන බහු වචන
3rd පඨම පුරිස පාලෙති
(= රකී)
පාලෙන්ති
(= රකිත්)
2nd මජ්ඣිම පුරිස පාලෙසි
(= රකිහි)
පාලෙථ
(=රකිවු)
1st උත්තම පුරිස පාලෙමි
(= රකිමි)
පාලෙම
(= රකිමු)


පාල ධාතුවේ “පාලය“ අංගයෙන් සෑදෙන ක්‍රියාපද

පුරුෂය එක වචන බහු වචන
3rd පඨම පුරිස පාලයති
(= රකී)
පාලයන්ති
(= රකිත්)
2nd මජ්ඣිම පුරිස පාලයසි
(= රකිහි)
පාලයථ
(=රකිවු)
1st උත්තම පුරිස පාලයාමි
(= රකිමි)
පාලයාම
(= රකිමු)


මීට සමානසේ වරනැගෙන ක්‍රියාවලින් සමහරක්:

පාලි වචනය සිංහල තේරුම
පාලි වචනය සිංහල තේරුම
ජාලෙති දල්වයි
චින්තෙති සිතයි
මාරෙති මරයි
පූජෙති පුදයි
චොරෙති සොරකම් කරයි
පීළෙති පෙළයි
දෙසෙති දේශනා කරයි
උදෙති උදාවෙයි
ඨපෙති ‍තබයි
උඩ්ඩෙති පියාඹයි
ඔලොකෙති බලයි
ඡාදෙති වසයි


14. තවත් කොටසක් මීට වෙනස් ව වරනැගේ.

වි පූර්ව කි ධාතුව

පුරුෂය එක වචන බහු වචන
3rd පඨම පුරිස වික්කිණාති
(=විකුණයි)
වික්කිණන්ති
(= විකුණත්)
2nd මජ්ඣිම පුරිස වික්කිණාසි
(= විකුණහි)
වික්කිණාථ
(=විකුණහු)
1st උත්තම පුරිස වික්කිණාමි
(= විකුණමි)
වික්කිණාම
(= විකුණමු)

පාලි වචනය සිංහල තේරුම
පාලි වචනය සිංහල තේරුම
කිණාති මිළයට ගනී
මිණාති මනී
ජානාති දනී
ජිනාති දිනයි
ගණ්හාති ගනී
උග්ගණ්හාති උගනී
සුණාති අසයි
ඔචිනාති කඩා රැස්කරයි

යනාදිය මීට සමානසේ වරනැගේ.

අනු මාතෘකා
keyboard_arrow_rightඅභ්‍යාසය 5.
keyboard_arrow_rightඅභ්‍යාසය 6.