පච - ධාතුව පිසීමෙහි වැටේ.
එය වත්තමාන කාලයෙහි (කත්තුකාරකයෙහි) මෙසේ වරනැගේ:
| පුරුෂය | එක වචන | බහු වචන |
| 3rd පඨම පුරිස | පචති (=පිසේ: පිසයි) |
පචන්ති (=පිසත්) |
| 2nd මජ්ඣිම පුරිස | පචසි (=පිසෙහි) |
පචථ (=පිසවු: පිසහු) |
| 1st උත්තම පුරිස | පචාමි (=පිසමි) |
පචාම (=පිසමු) |
මෙහි පඨම පුරිස ඒකවචනයෙහි ති යන්න ද, බහු වචනයෙහි න්ති යන කොටස ද, මධ්‍යම පුරුෂ ඒක බහු වචන දෙක්හි පිළිවෙලින් සි - ථ දෙක ද, උත්තම පුරුෂයෙහි මි - ම දෙක ද යෙදී තිබෙත්. උත්තම පුරුෂයෙහි පමණක් පච යන්නේ අන්තයෙහි අ - කාරය ආ - කාරයක් වී තිබේ.
මීට සමාන ලෙස වරනැගෙන ක්‍රියා ස්වල්පයක්:
| පාලි වචනය | සිංහල තේරුම | පාලි වචනය | සිංහල තේරුම | |
| ගච්ඡති | යයි | පස්සති | බලයි; දකී | |
| තිට්ඨති | සිටී | හරති | ගෙනයයි | |
| නිසීදති | හිඳී | ධාවති | දුවයි | |
| සයති | නිදයි | ලිඛති | ලියයි | |
| කීළති | ක්‍රීඩාකරයි | වසති | වසයි (වාසය කරයි) | |
| ඛාදති | කයි | ආහරති | ගෙන ඒ | |
| භුඤ්ජති | අනුභව කරයි | ආරුහති | නගී | |
| භාසති | කියයි | යාචති | ඉල්වයි | |
| චරති | හැසිරේ | ඛණති | සාරයි | |
| ධොවති | සෝදයි | කසති | සීසායි | |
| භවති | වේ |
අනු මාතෘකා
keyboard_arrow_rightඅභ්‍යාසය 3.star_outlineshare
keyboard_arrow_rightඅභ්‍යාසය 4.star_outlineshare