අභ්‍යාසය 3.

සිංහලයට නැගියයුතු:

  1. බුද්ධො තිට්ඨති.
  2. මිගා ධාවන්ති.
  3. සීහා සයන්ති.
  4. පුරිසො ගච්ඡති.
  5. රජකා ධොවන්ති.
  6. කස්සකා කසන්ති.
  7. ලෙඛකො ලිඛති.
  8. දාසො චරති,
  9. මඤ්චෙසු සයන්ති.
  10. දීපෙ ජාලෙන්ති.
  11. රුක්ඛෙ ආරුහන්ති.
  12. වරාහො ඛණති.
  13. සුනඛා භුඤ්ජන්ති.
  14. අස්සො ධාවති.
  15. අජා සයන්ති.
  16. කම්මකාරා ආහරන්ති.
  17. වාණිජා නිසීදන්ති.
  18. ගොපාලො භුඤ්ජති.
  19. ගොණා ඛාදන්ති.
  20. වානරො රුක්ඛං ආරුහති.


පාලියට නැගියයුතු:

  1. බල්ලා අනුභව කරයි.
  2. වඳුරෝ නගිත්.
  3. ඌරෝ දුවත්.
  4. දාසයා ගෙනයයි.
  5. කම්කරුවෝ පිසත්.
  6. එළුවෝ සිටිත්.
  7. වෙළෙන්දා ඇවිදී.
  8. රදවා සෝදයි.
  9. මුවා සිටියි.
  10. ගොන්නු සීසාත්.
  11. ගොවියා සාරයි.
  12. මිනිසාගේ අශ්වයා.
  13. කම්කරුවාගේ ගම.
  14. ගොපල්ලාගේ ගොන්නු.
  15. ලියන්නා පහනක් ගෙනයයි.
  16. මිනිස්සු ඇඳන්වල නිදත්.
  17. සිංහයෝ මුවන් කත්.
  18. දාසයෝ ගසට නැගෙත්.
  19. සොරු ගමේ ඇවිදිත්.
  20. ගොපල්ලා ගොනා ගෙන ඒ.


සංලක්‍ෂ්‍යය:

මේ අභ්‍යාසයෙහි යොදා තිබෙන සියලුම ක්‍රියාපද පඨම පුරිසයට ඇතුළත් වේ. මජ්ඣිමපුරිස ක්‍රියාපද අතුරෙන් ඒක වචනය ත්‍වං (=තෝ) යන්න සමග ද, බහු වචනය තුම්හෙ (=තෙපි) යන්න සමග ද යෙදිය හැකි වේ. අන්කිසි පදයක් කර්තෘ වී සිටි විට නො යෙදිය හැකි වේ. උත්තමපුරිස එකවචනය අහං (=මම) යන්න සමග ද බහු වචනය අම්හෙ, මයං, (=අපි) යන දෙක සමග ද යෙදිය හැකි වේ. අන් පදයන් හා යෙදිය හැකි නොවේ. එබැවින් දෙවෙනි තුන්වෙනි පුරුෂ දෙකෙහි මේ වචන පස පමණක් යෙදේ යයි ද භාෂාවේ තිබෙන ඉතිරි නාමපද සියල්ල (ප්‍ර‍ථමා විභක්තියෙන් සිට) පඨම පුරිසයෙහි යෙදේ යයි ද සැලකිය යුතු.