47.
| 
           පාලි වචනය  | 
        
           සිංහල තේරුම  | 
      
| 
           ගච්ඡන්තො = ගච්ඡමානො  | 
        
           යමින්, යන්නේ  | 
      
| 
           පචන්තො = පචමානො  | 
        
           පිසමින්, පිසන්නේ  | 
      
මේ ආදිය සිංහල භාෂාවෙහි මිශ්‍රක්‍රියායයි කියනු ලැබේ. පාලියෙහි කිතකපද වෙති. කිතකපද නාමයන්ගේ කොටසක් බව යට නාම විභාගයෙහි කියන ලදී. එබැවින් ගච්ඡන්ත ආදීහු නාමපද මෙන් සියලු විභක්තීන්හි වරනැගෙත්. සර්‍වනාමයන් මෙන් ලිඟු තුනෙහිම යෙදෙත්.
    
      
  
ගච්ඡන්ත ශබ්දය පුල්ලිඞ්ගයෙහි මෙසේ වරනැගේ:
| 
           විභක්තිය  | 
        
           එකවචන  | 
        
           බහුවචන  | 
      
| 
           පඨමා  | 
        
           ගච්ඡං, ගච්ඡන්තො (=යන්නේ)  | 
        
           ගච්ඡන්තො, ගච්ඡන්තා (=යන්නෝ)  | 
      
| 
           දුතියා  | 
        
           ගච්ඡන්තං (=යන්නා)  | 
        
           ගච්ඡන්තෙ (=යන්නන්)  | 
      
| 
           තතියා  | 
        
           ගච්ඡතා, ගච්ඡන්තෙන  | 
        
           ගච්ඡන්තෙභි, ගච්ඡන්තෙහි  | 
      
| 
           චතුත්‍ථි  | 
        
           ගච්ඡතො, ගච්ඡන්තස්ස  | 
        
           ගච්ඡතං, ගච්ඡන්තානං  | 
      
| 
           පඤ්චමී  | 
        
           ගච්ඡතා, ගච්ඡන්තම්හා, ගච්ඡන්තස්මා  | 
        
           ගච්ඡන්තෙභි, ගච්ඡන්තෙහි  | 
      
| 
           ඡට්ඨි  | 
        
           ගච්ඡතො, ගච්ඡන්තස්ස  | 
        
           ගච්ඡතං, ගච්ඡන්තානං  | 
      
| 
           සත්තමී  | 
        
           ගච්ඡති, ගච්ඡන්තෙ, ගච්ඡන්තම්හි, ගච්ඡන්තස්මිං  | 
        
           ගච්ඡන්තෙසු  | 
      
| 
           කරණ  | 
        
           ගච්ඡතා, ගච්ඡන්තෙන  | 
        
           ගච්ඡන්තෙභි, ගච්ඡන්තෙහි  | 
      
| 
           ආලපන  | 
        
           (හෙ) ගච්ඡං, ගච්ඡ, ගච්ඡා  | 
        
           (හෙ) ගච්ඡන්තො, ගච්ඡන්තා  | 
      
  
ඉත්‍ථිලිංගයෙහි
| 
           විභක්තිය  | 
        
           එකවචන  | 
        
           බහුවචන  | 
      
| 
           පඨමා  | 
        
           ගච්ඡන්තී (=යන්නී)  | 
        
           ගච්ඡන්තී, ගච්ඡන්තියො (=යන්නියෝ)  | 
      
| 
           දුතියා  | 
        
           ගච්ඡන්තිං (=යන්නිය)  | 
        
           ගච්ඡන්තී, ගච්ඡන්තියො (=යන්නියන්)  | 
      
| 
           තතියා  | 
        
           ගච්ඡන්තියා  | 
        
           ගච්ඡන්තීභි, ගච්ඡන්තීහි  | 
      
| 
           චතුත්‍ථි  | 
        
           ගච්ඡන්තියා  | 
        
           ගච්ඡන්තීනං  | 
      
ආදි වශයෙන් කුමාරී ශබ්දය මෙන් වරනැගිය යුතු.
  
    නපුංසකයෙහි
  
| 
           විභක්තිය  | 
        
           එකවචන  | 
        
           බහුවචන  | 
      
| 
           පඨමා  | 
        
           ගච්ඡං (=යන්නා)  | 
        
           ගච්ඡන්තා, ගච්ඡන්තානි (=යන්නෝ)  | 
      
| 
           දුතියා  | 
        
           ගච්ඡන්තං (=යන්නාහු)  | 
        
           ගච්ඡන්තෙ, ගච්ඡන්තානි (=යන්නන්)  | 
      
| 
           තතියා  | 
        
           ගච්ඡතා, ගච්ඡන්තෙන  | 
        
           ගච්ඡන්තෙභි, ගච්ඡන්තෙහි  | 
      
  
    ආදි වශයෙන් පුල්ලිංගයෙහි මෙන් වරනැගිය යුතු. ආලපන බහුවචනය
    ගච්ඡන්තානි යි යෙදිය යුතු. 
 
    
48. පුල්ලිංගයෙහි පඨමා ඒකවචනයට “යමින්, යන්නේය ” යන අර්ථ දෙකක් යෙදිය හැකිය. හේ මෙසේයි:-
    ගච්ඡන්තො ගොණං හරති. (=යන්නා
    ගොණෙකු ගෙනයයි.)
  
 
  
සො ගාමං ගච්ඡන්තො රොදති. මීටම “හෙතෙම ගමට යන්නේ හඬයි” කියා ද කියහැක.
 
  
සියලු මිශ්‍රක්‍රියා කිතකපදයන්ගේ මෙ වැනි යෙදුම් ඇති බව සැලකිය යුතුයි.
“නාරී භත්තං පචන්තී හසති” (=“ස්ත්‍රිය බත් පිසමින් සිනාසේ)” යි කීවිට “පිසමින්” යන අර්‍ථ ඇති “පචන්තී ” යන්න ඉත්‍ථිලිංගයෙන් යෙදේ. එහෙත් සිංහලෙහි “යමින්, පිසමින්” යනාදිය ලිඟු වශයෙන් වෙනස් කිරීමට ආකාරයක් නැත්තේය.
 
  
ගච්ඡන්ත - ශබ්දය හා සමානලෙස වරනැගෙන අන්‍ය මිශ්‍රක්‍රියා කිතකපදවලින් සමහරක්:-
| 
           පාලි වචනය  | 
        
           සිංහල තේරුම  | 
        
           පාලි වචනය  | 
        
           සිංහල තේරුම  | 
      |
| 
           පචන්ත  | 
        
           පිසන  | 
        
           සයන්ත  | 
        
           නිදන  | 
      |
| 
           කරොන්ත  | 
        
           කරන  | 
        
           විහරන්ත  | 
        
           වසන  | 
      |
| 
           ධාවන්ත  | 
        
           දුවන  | 
        
           සුණන්ත  | 
        
           අසන  | 
      |
| 
           නහායන්ත  | 
        
           නාන  | 
        
           පස්සන්ත  | 
        
           බලන  | 
      |
| 
           පිවන්ත  | 
        
           බොන  | 
        
           හරන්ත  | 
        
           ගෙනයන  | 
      |
| 
           හසන්ත  | 
        
           සිනාසෙන  | 
        
           රොදන්ත  | 
        
           හඬන  | 
      |
| 
           නිසීදන්ත  | 
        
           හිඳින  | 
        
           වික්කිණන්ත  | 
        
           විකුණන  | 
      |
| 
           තිට්ඨන්ත  | 
        
           සිටින  | 
        
           කිණන්ත  | 
        
           මිළදී ගන්න  | 
      |
| 
           දදන්ත  | 
        
           දෙන  | 
        
           ආහිණ්ඩන්ත  | 
        
           ඇවිදින  | 
      |
| 
           භුඤ්ජන්ත  | 
        
           අනුභවකරන  | 
        
           චරන්ත  | 
        
           හැසිරෙන  | 
      
මොවුහු ගච්ඡන්ත මෙන් තුන් ලිඟුවෙහි වරනැගෙත්. ඉත්‍ථිලිංගයේදී පචන්තී, කරොන්තී ආදි වශයෙන් ඊකාරාන්ත වෙත්.
 
    
මේ සියලු ශබ්දයන්ගේ
ගච්ඡමාන
පචමාන
තිට්ඨමාන
රොදමාන
භුඤ්ජමාන
දදමාන
    
  
ආදී මාන යන්නෙන් යුත් රූප ද ඇත්තාහ.
 
    
ඒ මාන යන්නෙන් අවසන්වන ශබ්ද පුල්ලිංගයෙහි පුරිස ශබ්දය මෙන්
| 
           විභක්තිය  | 
        
           එකවචන  | 
        
           බහුවචන  | 
      
| 
           පඨමා  | 
        
           ගච්ඡමානො  | 
        
           ගච්ඡමානා  | 
      
 ආදි වශයෙන් ද
  
  
ඉත්‍ථිලිඞ්ගයේ දී වනිතා - ශබ්දය මෙන්
| 
           විභක්තිය  | 
        
           එකවචන  | 
        
           බහුවචන  | 
      
| 
           පඨමා  | 
        
           ගච්ඡමානා  | 
        
           ගච්ඡමානා, ගච්ඡමානායො  | 
      
  ආදී වශයෙන් ද
  
  
නපුංසකලිඞ්ගයේ දී
| 
           විභක්තිය  | 
        
           එකවචන  | 
        
           බහුවචන  | 
      
| 
           පඨමා  | 
        
           ගච්ඡමානං  | 
        
           ගච්ඡමානා, ගච්ඡමානානි  | 
      
  ආදී වශයෙන් චිත්ත  -
    ශබ්දය මෙන් ද වරනැගෙත්, න්ත යන්නෙන් අවසන් වුවත් මාන - යන්නෙන් අවසන්
    වුවත් අර්ථයන්ගේ වෙනසක් නැත.
  
  
 49. මේ කිතකපදයන් අන්‍ය
    නාමයන් හා යෙදෙන සැටි මෙසේයි:-
    
  
පුල්ලිංගයෙහි
| 
           පාලි වචනය  | 
        
           සිංහල තේරුම  | 
      
| 
           තිට්ඨං ගොණො  | 
        
           (=සිටින හෝ සිටින්නා වූ ගොනා)  | 
      
| 
           තිට්ඨන්තා ගොණා  | 
        
           (=සිටින ගොන්නු)  | 
      
| 
           තිට්ඨන්තං ගොණං  | 
        
           (=සිටින ගොනා)  | 
      
| 
           තිට්ඨතා ගොණෙන  | 
        
           (=සිටින ගොනා විසින්)  | 
      
| 
           තිට්ඨන්තෙභි ගොණෙභි  | 
        
           (=සිටින ගොනුන් විසින්)  | 
      
| 
           තිට්ඨතො ගොණස්ස  | 
        
           (=සිටින ගොනාට හෝ ගොනාගේ)  | 
      
| 
           තිට්ඨතා ගොණා  | 
        
           (=සිටින ගොනා කෙරෙන්)  | 
      
| 
           තිට්ඨතං ගොණානං  | 
        
           (=සිටින ගොනුන්ගේ)  | 
      
| 
           තිට්ඨති ගොණෙ  | 
        
           (සිටින ගොනා කෙරෙහි)  | 
      
  
ඉත්‍ථිලිංගයෙහි
| 
           පාලි වචනය  | 
        
           සිංහල තේරුම  | 
      
| 
           නිසීදන්තී නාරී  | 
        
           (=හින්නාවූ ස්ත්‍රී)  | 
      
| 
           නිසීදන්තිං නාරිං  | 
        
           (=හින්නා වූ ස්ත්‍රිය)  | 
      
| 
           නිසීදන්තියා නාරියා  | 
        
           (=හිඳින ස්ත්‍රිය විසින්)  | 
      
| 
           නිසීදන්තීනං නාරීනං  | 
        
           (=හිඳින ස්ත්‍රීන්ට හෝ ස්ත්‍රීන්ගේ)  | 
      
| 
           නිසීදන්තියං නාරියං  | 
        
           (=හිඳින ස්ත්‍රිය කෙරෙහි)  | 
      
  
නපුංසක ලිංගයෙහි
| 
           පාලි වචනය  | 
        
           සිංහල තේරුම  | 
      
| 
           විහරන්තං කුලං  | 
        
           (=වාසය කරන හෝ වසන කුලය)  | 
      
| 
           විහරන්තානි කුලානි  | 
        
           (=වසන කුලයෝ)  | 
      
| 
           විහරතා කුලෙන  | 
        
           (=වසන කුලය විසින්)  | 
      
| 
           විහරතො කුලස්ස  | 
        
           (=වසන කුලයට)  | 
      
ඉතිරි විභක්තීන්හි ද වචනයන්හි ද යොදන සැටි මේ අනුව තේරුම් ගත යුතුයි.