සිංහලට නැගියයුතු:
- ගාමං ගච්ඡන්තො දාරකො එකං ගොණං දිස්වා භායි.
- දාරිකා රොදන්තී අම්මාය සන්තිකං ගන්ත්‍වා පීඨෙ නිසීදි.
- වාණිජා භණ්ඩානි වික්කිණන්තා නදියං නහායන්තෙ මනුස්සෙ පස්සිංසු.
- කඤ්ඤායො හසමානා නහායන්තියො ගච්ඡන්තිං වනිතං අක්කොසිංසු.
- පුරිසො හසන්තො රුක්ඛං ආරුහිත්‍වා ඵලානි ඛාදන්තො සාඛායං නිසීදි.
- භගවා සාවත්‍ථියං විහරන්තො දෙවානං ච මනුස්සානං ච ධම්මං දෙසෙසි.
- සා සයන්තිං ඉත්‍ථිං උට්ඨාපෙත්‍වා හසමානා තම්හා ඨානා අපගච්ඡි.
- තුම්හෙ භූමියං සයමානං ඉමං දාරකං මඤ්චෙ ඨපෙථ.
- සීහං දිස්වා භායිත්‍වා ධාවමානා තෙ මිගා අස්මිං වනෙ ආවාටෙසු පතිංසු.
- ඉමස්මිං ගාමෙ වසන්තානං පුරිසානං එකො වනං ගච්ඡන්තො එකායං කාසුයං පති.
- නිසීදන්තියා නාරියා පුත්තො රොදමානො තස්සා සන්තිකං ගමිස්සති.
- යාචකා භත්තං පචන්තිං ඉත්‍ථිං ආහාරං යාචන්තා තත්‍ථ නිසීදිංසු.
- වනම්හා දාරූනි ආහරන්තී කඤ්ඤා උදකං පිවමානා එකස්මිං පාසාණෙ නිසීදි.
- වාණිජා භණ්ඩානි කිණන්තා ච වික්කිණන්තා ගාමෙසු ච නගරෙසු ච ආහිණ්ඩන්ති.
පාලියට නැගියයුතු:
- දාසයා ගඟට යන්නේ ගෙඩි කමින් ගසක් මුල හුන්නේය.
- මව හඬන ළදැරිය ඔසවා බොන්ට කිරි දුන්නීය.
- අපි ගං ඉවුරේ ඇවිදින්නාහු ගඟෙහි නාන මිනිසුන් දුටිමු.
- මුවෙක් එහි සිටින අප දැක දුවගොස් වළක වැටුණි.
- වනයෙන් පිටතට එන සිංහයා කෙතෙහි තණ කන දෙනක දුටුවේය.
- මේ වනයෙන් දර ගෙනෙන කන්‍යාව අර වැවෙන් වතුර බීවාය.
- මේ ගමෙහි වසන මිනිහෙක් අර පර්‍වතයට දුවන සිංහයකු දුටුවේය.
- අපේ පියවරුත් සොහොයුරෝත් බඩු විකුණමින් ද මිළට ගනිමින් ද ගම්වල ඇවිදින්නාහ.
- එදා කන්ද උඩ සිටි මම ගුහාවෙහි නිදන සිංහදෙනක දුටුවෙමි.
- ළමයා සිනාසෙමින් දුවගෙන මා වෙතට ආවේය.
- ගොවියා බෙරයක් ගෙන යන්නේ මේ ගස් හා කුඹුරු බලමින් මේ ගලඋඩ උන්නේය.
- බුදුරද බොහෝ කලක් සැවැත් නුවර වසමින් එනුවර මිනිසුන්ට ධර්‍මය දේශනා කෙළේය.
- ඔහුගේ සොහොයුරිය ඇගේ සොහොයුරන්ට බත් පිසන්නී පුටුවක හුන්නීය.
- යාචකයන්ට දන්දෙන සිටු තෙමේ තමාගේ සියලු ධනය දුන්නේය.
50. නාමවිශේෂණ (පද)
පාලි වචනය |
සිංහල තේරුම |
පාලි වචනය |
සිංහල තේරුම |
|
මහන්ත |
මහත් |
සෙත |
සුදු |
|
ඛුද්දක |
කුඩා |
නීල |
නිල් |
|
දීඝ |
දික් |
රත්ත |
රතු |
|
රස්ස |
කොට, ලුහුඬු |
කාල |
කළු |
|
උච්ච |
උස්, උසස් |
පීත |
කසාවන් |
|
නීච |
පහත්, මිටි |
උත්තාන |
නොගැඹුරු |
|
මජ්ඣිම |
මධ්‍යම |
ගම්භීර |
ගැඹුරු |
|
බහු |
බොහෝ |
ඛර |
කර්‍කශ |
|
අප්පක |
අල්ප, (අඩු)වූ, ටික වූ |
මුදු |
මෘදු |
|
ආම |
අමු |
සුරූප |
මනා රූ ඇති |
|
පක්ක |
ඉදුණු, පැසුණු |
විරූප |
මනා රූ නැති |
|
බාල, දහර |
වයසින් අඩු |
සුවණ්ණ |
මනා පැහැ ඇති |
|
තනු |
තුනී වූ |
මහල්ලක |
මහලු |
|
සමීප |
ළං වූ |
දුබ්බණ්ණ |
මනා පැහැ නැති |
|
විත්‍ථත |
පතළා වූ, පළල් වූ |
ඝන |
ඝන වූ |
|
දූර |
දුර වූ |
|
|
‘
සෙතො ගොණො
’ (=සුදු ගොනා) යි
කී කල්හි සෙතො යන්නෙන් ගොනාගේ විශේෂයක් දක්වනු ලැබේ. (වෙන පදයක්
නැතිව) ‘
ගොනා
’ යි කී විට සුදු
ගොනෙක්, රතු ගොනෙක්, තර ගොනෙක් යනාදි විශේෂයක් නැතිව සාමාන්‍යයෙන්
ගොනෙක් අදහස් කරනු ලැබේ. ‘
සුදු ගොනා
’
හෝ ‘
රතු ගොනා
’ යි කී කල්හි
පිළිවෙලින් සුදුපැහැ ඇති ගොනෙක් ද, රතුපැහැ ඇති ගොනෙක්ද අදහස් කරනු
ලැබේ. ඉතිරි ගොනුන් අදහස් නොකරනු ලැබේ. එබැවින් ‘
සෙතො
’ යන පදය ‘
ගොණො
’ යන පදයාගේ විශේෂණයකි. විශේෂය
(වෙනස) කරන්නා
විශේෂණ
නම් වේ.
විශේෂණය හෙවත් වෙනස් කිරීම ලබන්නාවූ ‘ගොණො’ යන්න
විශේෂ්‍ය
නම් වේ.
51.ඉංග්‍රීසි භාෂාවෙහි ගුණවචන හෙවත්
විශේෂණපද
(Adjectives) වලට විභක්ති
යෙදීමක් නැත: හැම ලිඞ්ගයේදී ම හැම විභක්තියේදී ම නිපාතපද මෙන් වෙනස්
නොවී සිටිත්. නමුත් පාලි භාෂාවෙහි විශේෂණපදය විශේෂ්‍ය
පදයාගේ ලිඞ්ගය ද විභක්තිය ද සංඛ්‍යාව ද ගනී. “
සෙතො ගොණො
” යන තැන ‘
සෙතො
’ යන විශේෂණ පදය ‘
ගොණො
’ යන පදයෙහි වූ පුල්ලිඞ්ගය ද
පඨමා විභක්තිය ද ඒකවචනය ද ගෙන සිටී.
විශේෂ්‍ය පදය ‘ ගොණා ’ යි බහු වචනයෙන් සිටියේ නම් විශේෂණය ද ‘ සෙතා ’ යි පඨමා බහුවචනය ගනී. විශේෂණය ලබන්නී ස්ත්‍රියක් වීනම් විශේෂණය ඒ ලිඞ්ගය ගනී. ‘ සෙතා ගාවී ’ = ‘සුදු ගවදෙන’ යනු උදාහරණයයි. විශේෂ්‍යය නපුංසක ලිඞ්ගයෙහි වීනම් විශේෂණය ද ඒ ලිඞ්ගය ගනී. “ සෙතං වත්‍ථං ” = “සුදු වස්ත්‍රය” යනු උදාහරණයයි. (මේ සමානාධිකරණයයි.)
52. ‘
ගච්ඡන්ත -
පචන්ත - ගච්ඡමාන
’ ආදී අන්ත - මාන - ප්‍රත්‍යාන්ත
කිතකපදයන්ද විශේෂණ පද වශයෙන් තුන් ලිඟුවෙහි යෙදෙන බව කියන ලදී. බොහෝ
සර්‍වනාමයෝ
ද සංඛ්‍යානාම ද
අන්‍ය පදයන්ට විශේෂණ වෙති.
53.
මය්හං ගොණො
(=මගේ ගොනා)
බ්‍රාහ්මණස්ස පුත්තො
(=බ්‍රාහ්මණයාගේ පුත්‍රයා) යි කී කල්හි ගොනා ද පුත්‍රයා ද
අන්‍යයන්ගේ ගොනුන්ගෙන් ද පුත්‍රයන්ගෙන් ද වෙන් කරනු ලබන බැවින් “
මය්හං, බ්‍රාහ්මණස්ස
” යන පද දෙක
පිළිවෙලින් “ගොණො - පුත්තො” යන පද දෙකට විශේෂණ වේ. මෙසේ
භින්නාධිකරණයෙන්
සිටි කල්හි විශේෂණය
විශේෂ්‍ය පදයාගේ ලිඞ්ගය ද විභක්තිය ද සංඛ්‍යාව (වචනය) ද නොගනී .