පහත පෙනෙන වාක්‍යයන් සිංහලට නගා විශේෂණ පද පෙන්විය යුතු:-
- සෙතා ගාවියො ඛෙත්තෙ ආහිණ්ඩිත්‍වා බහුං තීණං ඛාදිංසු.
- මය්හං මාතා නීලානි උප්පලානි ආනෙත්‍වා චෙතියං පූජෙසි.
- මයං සුවෙ රත්තානි පදුමානි භඤ්ජිතුං තං වාපිං ගමිස්සාම.
- සෙතා ච රත්තා ච ගොණා තිණං ඛාදිතුං අටවියං ආහිණ්ඩන්ති.
- සො නීචං පීඨං ආනෙත්‍වා භූමියං ඨපෙත්‍වා තත්‍ථ නිසීදි.
- තුය්හං පිතා මහන්තං රුක්ඛං ඡින්‍දිත්‍වා පාතෙසි.
- අස්මිං විහාරෙ මහන්තං චෙතියං අත්‍ථි.
- දාසො දීඝාය රජ්ජුයා රත්තං ගාවිං රුක්ඛෙ බන්‍ධි.
- තස්මිං වනෙ බහවො උච්චා රුක්ඛා සන්ති.
- පඤ්ඤවතො පුරිසස්ස බාලා ධීතා පක්කානි ඵලානි ආහරිත්‍වා අප්පකානං දාරකානං අදාසි.
- තස්සා මහල්ලිකාය ඉත්‍ථියා නත්තා උත්තානෙ ජලෙ නහායති.
- බලවන්තා කාලා ගොණා උච්චෙසු ගිරීසු චරිත්‍වා බහූනි පණ්ණානි ඛාදන්ති.
- මාලිනී නාරී රස්සෙන මග්ගෙන ඛුද්දකං ගාමං ගච්ඡති.
- බාලා කඤ්ඤා මුදුනා හත්‍ථෙන සෙතානි පදුමානි ගණ්හාති.
- බහුන්නං[1] බාලානං පුත්තා තස්සා නදියා ගම්භීරෙ ජලෙ පතිත්‍වා මරිස්සන්ති.
- මම භාතරානං මජ්ඣිමො උච්චෙ පීඨෙ නිසීදිත්‍වා ආමානි ඵලානි ඛාදති.
සංලක්‍ෂ්‍යය:
මාලී -
ආදි ඊකාරාන්ත පදයන් ස්ත්‍රීලිංගික විශේෂණ බවට පැමිණෙන විට ඉනී - ප්‍රත්‍යයක් ගෙන “මාලිනී, සාමිනී” ආදි වශයෙන් සිටිත්.
මහල්ලක - ආදි පදයන් ස්ත්‍රී ලිංගික වනවිට “මහල්ලිකා,
ඛුද්දිකා” ආදී වශයෙන් සිටිත්.
පාලියට නැගියයුතු:
- සුදු වූ ද රතු වූ ද ගොන්නු තණ කමින් කුඩා කෙතෙහි සිටිත්.
- කළු දෙන අර මහ වැවෙන් බොහෝ දිය බීවාය.
- බොහෝ කන්‍යාවෝ රතු රෙදි හැඳ ඒ මහා නගරයෙහි විශාල වෙළඳ ශාලාවකට ගියහ.
- අර මහළු ස්ත්‍රියගේ සියලු පුත්තු බලවත්තු හෝ ධනවත්තු නොවෙති.
- අපේ දරුවෝ සැම විටම අමු ගෙඩි කෑමට කැමතිවෙති.
- ඒ අඥාන ස්ත්‍රී පළල්වූ ගඟට ගොස් එහි ගැඹුරු දියෙහි වැටුණි.
- අපි දික් මගකින් කුඩා ගමකට පැමිණ එහි මහත්වූ ශාලාවක සිටියෙමු.
- බොහෝ ස්ත්‍රීහු උස් ගස්වලින් ඉදුණු ගෙඩි ගෙනවුත් කඩවල වෙළඳුන්ට වික්කාහ.
- ළමයා මිටි ගසකට නැගී එහි සුදු මල් කඩා එකතු කෙළේය.
- ශක්තිමත් මිනිහා අර කුඩා උයනෙහි උස් වූ ද මිටි වූ ද ගස් කැපුවේය.
- කළු ගොන්නු උස් කන්දට ළංවූ කර්‍කශ පොළොවෙහි නිදත්.
- බොහෝ මිනිස්සු විශාල වූ සමුද්‍රය තරණය කොට මේ දර්‍ශනීය දිවයිනට එත්.
- මේ විශාල නගරයෙහි ලොකු ගෙවල් ද, පළල් වීථි ද, දික් මාර්‍ග ද, බොහෝ උයන් ද ඇත්තාහ.
- ළදරුවාගේ මෘදු අත අර පහනේ දැල්ලෙන් දැවුණේය.[2]
- දාසයා අර දික් ගඟේ ඉවුරෙහි වූ කුඩා කුඹුරෙන් බොහෝ තණකොළ ගෙනාවේය.
.