54. සංඛ්‍යාවිශේෂණ හෙවත් ගණන් NUMERALS

පාලි වචනය

ඉලක්කම

පාලි වචනය

ඉලක්කම

එක

1

තෙළස,

තෙරස

13

ද්වි

2

චුද්දස,

චතුද්දස

14

ති

3

පණ්ණරස,

 පඤ්චදස

15

චතු

4

සොළස

16

පඤ්ච

5

සත්තරස,

සත්තදස

17

6

අට්ඨාරස,

 අට්ඨාදස

18

සත්ත

7

එකූනවීසති

19

අට්ඨ

8

වීසති

20

නව

9

එකවීසති

21

දස

10

ද්වෙවීසති,

 බාවීසති

22

එකාදස

11

තෙවීසති

23

ද්වාදස

12

චතුවීසති

24

පඤ්චවීසති

25

සට්ඨි

60

ඡබ්බීසති

26

ද්වෙසට්ඨි,

ද්වාසට්ඨි,

ද්විසට්ඨි

62

සත්තවීසති

27

අට්ඨවීසති

28

එකූනසත්තති

69

එකූනතිංසති

29

සත්තති

70

තිංසති

30

ද්වෙසත්තති,

 

එකතිංසති

31

ද්විසත්තති,

ද්වාසත්තති

72

ද්වත්තිංසති,

බත්තිංසති

32

එකූනාසීති

79

තෙත්තිංසති

33

අසීති

80

චතුත්තිංසති

34

එකාසීති

81

පඤ්චතිංසති

35

ද්වෙඅසීති,

ද්වාසීති,

ද්වියාසීති

 

82

ඡත්තිංසති

36

සත්තතිංසති

37

එකූනනවුති

89

අට්ඨතිංසති

38

නවුති

90

එකූනචත්තාළීසති

39

ද්වෙනවුති,

ද්වානවුති,

ද්වීනවුති

92

චත්තාළීසති

40

ද්වෙචත්තාළීසති,

 

එකූනසතං

99

ද්විචත්තාළීසති

42

සතං

100

එකූනපඤ්ඤාසති

49

නවසතං

900

පඤ්ඤාසති,

පණ්ණාසති

50

සහස්සං

1000

ද්වෙපඤ්ඤාසති

ද්වෙපණ්ණාසති

ද්විපණ්ණාසති

ද්විපඤ්ඤාසති

52

දසසහස්සං,

 නහුතං

10,000

සතසහස්සං,

ලක්ඛං

100,000

දසලක්ඛං

1000,000

කොටි

10,000,000

එකූනසට්ඨි

59

දසකොටි

100,000,000

 

 

සතකොටි

1000,000,000


55. මේ ශබ්දයන් අතුරෙන් එක - ති - චතු යන ශබ්ද තුන ලිඟුතුනෙහි වෙනස්ව වරනැගෙන බැවින් සර්‍වනාමවලට ඇතුළත්කොට තිබේ. එක ශබ්දය සංඛ්‍යාවෙහි වැටෙනවිට එක් දෙයක් හෝ එක් සත්‍වයකු ගැන යෙදෙන බැවින් හැම විභක්තීන්හි ඒකවචනවල පමණක් වරනැගේ. එක්තරා, අසමාන, අසහාය යන අර්‍ථයන්හි වැටෙනවිට බහුවචනයන්හි ද යෙදේ. එය තුන් ලිඟුවෙහි සර්‍වනාම ‘ ශබ්දය මෙන් වරනැගිය යුතු.

ද්වි ශබ්දය පටන් අට්ඨාරස - ශබ්දය අවසන්කොට ඇති ශබ්දයෝ බහුවචනයෙහි පමණක් වෙති.


56. ද්වි - ශබ්දය ද සර්‍වනාමවලට ඇතුළත්කොට දක්වා තිබෙන නමුත් එය ලිඟු තුනෙහිම වරනැගේ.

විභක්තිය

බහුවචන

පඨමා

ද්වෙ, දුවෙ

(දෙදෙන)

දුතියා

ද්වෙ, දුවෙ

(දෙදෙන)

තතියා

ද්වීභි, ද්වීහි

(දෙදෙන විසින්)

චතුත්‍ථි

ද්වින්නං

පඤ්චමී

ද්වීභි, ද්වීහි

ඡට්ඨි

ද්වින්නං

සත්තමී

ද්වීසු


57. ති - ශබ්දය

විභක්තිය

පුල්ලිඞ්ග බහුවචන

ඉත්‍ථිලිඞ්ග බහුවචන

නපුංසකලිඞ්ග බහුවචන

පඨමා

තයො

(=තිදෙන)

තිස්සො

(=තිදෙන)

තීණි

(=තිදෙන)

දුතියා

තයො

තිස්සො

තීණි

තතියා

තීභි, තීහි

තීභි, තීහි

තීභි, තීහි

චතුත්‍ථි

තිණ්ණං, තිණ්ණන්නං

තිස්සන්නං

තිණ්ණං, තිණ්ණන්නං

පඤ්චමී

තීභි, තීහි

තීභි, තීහි

තීභි, තීහි

ඡට්ඨි

තිණ්ණං, තිණ්ණන්නං

තිස්සන්නං

තිණ්ණං, තිණ්ණන්නං

සත්තමී

තීසු

තීසු

තීසු


58. චතු - ශබ්දය

විභක්තිය

පුල්ලිඞ්ග බහුවචන

ඉත්‍ථිලිඞ්ග බහුවචන

නපුංසකලිඞ්ග බහුවචන

පඨමා

චත්තාරො, චතුරො

(=සතරදෙන)

චතස්සො

(=සතරදෙන)

චත්තාරි

(=සතරදෙන)

දුතියා

චත්තාරො, චතුරො

චතස්සො

චත්තාරි

තතියා

චතූභි, චතූහි

චතූභි, චතූහි

චතූභි, චතූහි

චතුත්‍ථි

චතුන්නං

චතස්සන්නං

චතුන්නං

පඤ්චමී

චතූභි, චතූහි

චතූභි, චතූහි

චතූභි, චතූහි

ඡට්ඨි

චතුන්නං

චතස්සන්නං

චතුන්නං

සත්තමී

චතූසු

චතූසු

චතූසු


59.  පඤ්ච ශබ්දය

ලිඟු තුනෙහිම සමානයි

විභක්තිය

බහුවචන

පඨමා

පඤ්ච

දුතියා

පඤ්ච

තතියා

පඤ්චභි, පඤ්චහි

චතුත්‍ථි

පඤ්චන්නං 

පඤ්චමී

පඤ්චභි, පඤ්චහි

ඡට්ඨි

පඤ්චන්නං 

සත්තමී

පඤ්චසු


60. - ශබ්දය පටන් අට්ඨාරස ශබ්දය අවසන්කොට ඇති ශබ්දයෝ පඤ්ච - ශබ්දය මෙන් වරනැගෙත්. පඨමා - දුතියා දෙක්හි ‘ පඤ්ච - ඡ ’ යනාදි වශයෙන් අකාරාන්තව සිටීම ද ඉතිරි විභක්ති වලදීත් මුල් ශබ්දය වෙනස්නොවී ( පඤ්චෙභි, පඤ්චෙසු) යනාදි ආකාරයට නොපැමිණ සිටීම ද මේ සංඛ්‍යා ශබ්දයන්ට විශේෂ වූ ආකාරයකි. එබැවින් ‘පඤ්ච’ ශබ්දය පටන් ඇති ශබ්දයෝ - සර්‍ව නාමවලට ඇතුළත් නොකරන ලදහ.


61.
එකූනවීසති ශබ්දය පටන් අට්ඨනවුති - ශබ්දය අවසන් කොට ඇති ශබ්දයෝ ස්ත්‍රීලිංග ඒකවචනයෙහි වෙති. ඉකාරාන්ත වූ මේ ශබ්දයෝ ‘ භූමි ’ ශබ්දයේ ඒකවචන මෙන් වරනැගෙත්. ‘ තිංසා - චත්තාළීසා - පඤ්ඤාසා ’ යි මේ ශබ්ද තුන ආකාරාන්තව ද සිටී. එවිට වනිතා ශබ්දයේ ඒකවචන මෙන් වරනැගිය යුතු.

එකූනසත ’ - ශබ්දයේ පටන් ‘ ලක්ඛ ’ - ශබ්දය දක්වා නපුංසක ඒකවචනයෙහි වෙත්. “ කොටි ” - ශබ්දය ස්ත්‍රීලිංග ඒකවචනාන්තයි.


62.
වීසති ශබ්දයෙන් මත්තෙහි වූ සංඛ්‍යා ශබ්දයෝ වෙන් වෙන් වූ කොටස් ප්‍ර‍කාශ කරන කල්හි බහුවචනයෙහි ද යෙදෙත්:-


ද්වෙ වීසතියො   =   විස්සේ කොටස් දෙකක්

තීනි සතානි       =   සීයේ කොටස් තුනක්

චත්තාරි සහස්සානි  =   දාහේ කොටස් හතරක්

යන මොහු උදාහරණ වෙති.

අනු මාතෘකා
keyboard_arrow_rightඅභ්‍යාසය 23.