අවිද්‍යා සඞ්ඛ්‍යාත එක එක ක්ලේශ ධාතුවකට මේ සත්ත්වයන් අනන්ත වාරයක් අවීචි මහා නරකයට හෙලිය හැක්කේ ය. එසේ ම තදන්‍ය මහ නරකයන්ට ද සකල තිරශ්චීන යෝනි වලට ද ප්‍රේත යෝනි වලට ද අසුර යෝනි වලට ද හෙලිය හැක්කේ ය. අනන්තාපරිමාණ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සයන් ඇති කිරීමට ද පොහොසත් වූවාය. මෙසේ අවිද්‍යාවගේ දුඃඛ දායක භාවය දත යුතු. අවිද්‍යාවගේ අසුභ භාවය යම් පමණ වේ නම් අවිද්‍යා නිරෝධයේ සුභ භාවය ද එපමණ වේ. එහෙයින් එක ම අවිද්‍යා නිරෝධයේ ගුණ ද අනන්ත වේ. එක්දහස් පන්සියයක් වූ සකල ක්ලේශයන්ගේ ම නිරෝධයේ ගුණ කෙසේ අනන්ත නො වන්නේද? මෙසේ ඒ ඒ ක්ලේශයන්ගේ අගුණයෙන් නිර්වාණ ගුණය සලකා ගත යුතු.