ලෞකික මහ ජනයා විසින් සත්වයෝයැයි ව්‍යවහාර කරනු ලබන්නේ ස්කන්ධයන්ට ම ය. ස්කන්ධ පඤ්චකයෙන් අන්‍ය වූ සත්ත්ව සඞ්ඛ්‍යාත මනුෂ්‍යයෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක්
හෝ නැත්තේ ය. ගල්, සුණු, දැව ආදිය ඇති කල්හි ගෙයක් ඇත්තේ ය. නැති කල නැත්තේ ය. එමෙන් ස්කන්ධ පඤ්චකය ඇති කල්හි ම සත්ත්වයෝයැයි කියන ලද මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මයෝ ඇත්තාහුය. නැති කල්හි නැත්තාහුය. ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය වූ නිර්වාණ ධාතුව අන්ධකාරයාගේ ප්‍රවේශයට අවිෂය වූ සූර්යාලෝකය මෙන් ස්කන්ධයන්ගේ පැමිණීමට මිශ්‍ර වීමට අවිෂය වූ ධර්මයකි. ස්කන්ධ සම්බන්ධයෙන් පවත්නා වූ සත්ත්ව පුද්ගල ප්‍රඥප්තීහු ද ස්කන්ධයන්ට අවිෂය වූ නිවනට නො පැමිණෙන්නාහුය. එහෙයින් ක්ලේශ ප්‍රහාණය කරන ලද රහතන්වහන්සේලා ඊට පැමිණෙන නමුත් එක ද සත්ත්වයකු එහි නැත්තේ යැයි දත යුතු.