(207) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමාශ්‍රවාදී ආශ්‍රවයන්ගෙ ක්ෂයවීමෙන් ශ්‍රමණ වන්නේ ය’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. නැවත ද, ‘සතර ධර්මයකින් යුක්ත වූයේ වී නම්, ඒ මනුෂ්‍යයා එකාන්තයෙන් ම ශ්‍රමණයා ය යි කියා ලොකෙයහි නුවණැත්තෝ කියන්නාහු ය’ යි කියා වදාරණ ලද්දේ ය. එහි ක්ෂාන්තිය, අල්පාහාරබවය, ආලය හැරීමය, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානගුණය යන මේ සතරධර්මයෝ ය. මේ සියල්ල ම ක්ෂය නො කළ ආශ්‍රවයන් ඇති සක්ලේශයාහට ම වන්නාහු ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ආසවානං ඛයා සමණො හොතී’ ති කියා වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන්,
“චතූහි ධම්මෙහි සමංගීභූතං
තං වෙ නරං සමණං ආහු ලොකෙ”
කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘චතූහි ධම්මේහි සමංගීභූතො සමණො හොති’ යි කී වචනය සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘ආසවානං ඛයා සමණො හොතී’ කී වචනය බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍රශ්නය ද නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍රශ්නය නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ. “මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආසවානං ඛයා සමණො හොති’ කියා මේ කාරණයත් වදාරණ ලද්දේ ය. නැවත ද,
‘චතූහි ධම්මෙහි සමංගීභුතං,
තං චෙ නරං සමණං ආහු ලොකෙ’
කියාත් වදාරණ ලද්දේ ය. මහරජානෙනි, යම් මේ වචනයක් ඇද් ද, ඒ වචනය ඒ ඒ පුද්ගලයන්ගේ ගුණ වශයෙන්,
‘චතූහි ධම්මෙහි සමංගීභුතං,
තං වෙ නරං සමණං ආයු ලොකෙ’
යි කියා වදාරණ ලද්දේ ය. ‘ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් ශ්‍රමණ වන්නේ ය’ යි වදාළ හෙයින් ශ්‍රමණ වන්ට ඉතිරි ධර්මයක් නැත. මේ නිරවශෙෂ වූ වචනයක.
“මහරජානෙනි, එතෙකුදු වුවත් ‘යම්කිසි කෙනෙක් ක්ලෙශව්‍යපශමනය පිණිස පිළිපැද්දාහු ද, ඒ සියල්ලන් උපාදායුපාදය[1] ක්ෂීණාශ්‍රව වූ ශ්‍රමණතෙම අග්‍රය’ යි කියනු ලැබෙයි. තවද, මහරජානෙනි, යම් සේ ජලජ වූ ථලජ වූ යම්කිසි පුෂ්පජාතියෙක් ඇද් ද, ඒ පුෂ්පයන්ට වඩා ‘දෑසමන් මල් අග්‍ර ය’ යි කියනු ලැබෙයි. අවශෙෂ යම්කිසි අනෙකප්‍රකාර පුෂ්පජාතියෙක් ඇද් ද, ඒ සියලු ම මල්ජාතියට වඩා දෑසමන් මල් ම සියලු ජනයා විසින් ප්‍රාර්ථිත ය. කැමැති වන ලද්දේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කිසි උත්තමකෙනෙක් සකලක්ලෙශව්‍යපශමනය පිණිස පිළිපන්නාහු ද, ඒ සියල්ලන් වඩා ‘ක්ෂීණාශ්‍රවශ්‍රමණතෙම අග්‍රය’ වි කියනු ලැබෙයි. තවද මහරජානෙි, යම් සේ සියලු ධාන්‍යජාතීන්ට වඩා ‘රත්හැල් අග්‍ර ය’ යි කියනු ලැබෙයි. යම් කිසි අවශෙෂ වූ නානාප්‍රකාර ධාන්‍යජාතියෙක් ඇද් ද, ඒ සියලු ම ධාන්‍යයන්ට වඩා ශරීරය යාපනය වන භොජනයෙන් ඇල්වී ම සියලු ම ධාන්‍යජාතීන්ට අග්‍ර ය යි කියනු ලැබෙයි. මහරජානෙනි, එපරිද්දෙන් ම ‘යම්කිසි කෙනෙක් ක්ලේශව්‍යපශමනය පිණිස පිළිපන්නාහු ද, ඒ සියලුදෙන උපාදායුපාදය ක්ෂීණාශ්‍රව වූ ශ්‍රමණතෙම අග්‍ර ය’ යි කියනු ලැබෙයි, වදාළසේක.
“යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ කාරණය අපි දු එපරිද්දෙන් ම පිළිගණුම්හ” යි කීහ.
ශ්‍රමණවිනිශ්චයප්‍රශ්නය නිමි.
-
මේ පාළි පූර්වක්‍රියා පද යි. ‘ගෙණ ගෙණ’ යනු එහි අර්ථ යි. ‘සියල්ලන් නො හැර ගෙණ ඒ හැම දෙනා අතුරෙන් ක්ෂීණාශ්‍රවයා අග්‍ර ය’ යනු පාඨයෙහි අදහස යි. ↑