(208) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, අන්‍යසත්වයෝ මාගේ හෝ ගුණ කියද් ද, ධර්මයෙහි හෝ ගුණ කියද් ද, සංඝයාගේ හෝ ගුණ කියද් ද, ඒ ගුණ කීමෙහි තොප විසින් ප්‍රීති නො කට යුත්තේ ය. සන්තොෂ නො කට යුත්තේ ය. සිතින් උඩඟු ව ඉල්පෙනබවක් නො කට යුත්තේ ය’ යි කියා මේ කාරණය වදාරණ ලද්දේ ය. තථාගතයන් වහන්සේ සෙලබ්‍රාහ්මණයා විසින් විද්‍යමාන වූ බුදුගුණ කියන කල්හි ඊට ප්‍රීති වූ සේක. සන්තොෂ වූසේක. සිතින් උඩඟු ව ඉල්පෙමින් බොහෝ ඉතිරි වූ තමන් වහන්සේගේ ගුණ රාශියක්,
‘රාජාහමස්මි සෙලාති-ධම්මරාජා අනුත්තරො,
ධම්මෙන චක්කං වත්තෙමි-චක්කං අප්පතිවත්තියං’
යනාදීන් ගුණ ප්‍රකාශ කර වදාළසේක. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මමං වා භික්ඛවෙ පරෙ වණ්ණං හාසෙය්‍යුං ධම්මස්ස, වා සංඝස්ස වා වණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි න ආනන්දො න සොමනස්සං න චෙතසො උබ්බිල්ලාචිතත්තං කරණීයං’ යි කියා වදාරණ ලද්දේ වී නම්, ඒ කාරණයෙන් ‘සෙලස්ස බ්‍රාහ්මණස්ස යථා භූච්චෙ වණ්ණෙ භඤ්ඤමානෙ ආනන්දිතො සුමනො උබ්බිල්ලාවිතො භිය්‍යො උත්තරිං සකගුණං පකිත්තෙසි’ යි කී යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘සෙලස්ස බ්‍රාහ්මණස්ස යථාභූච්චෙ වණ්ණෙ භඤ්ඤමානෙ ආනන්දිතො සුමනො උබ්බිල්ලාවිතො භිය්‍යො උත්තරිං සකගුණං පකිත්තෙසි’ යි කී වචනය සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘මමං වා භික්ඛවෙ පරෙ වණ්ණං භාසෙය්‍යුං ධම්මස්ස වා සංඝස්ස වා වණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි න ආනන්දො න සොමනස්සං න චෙතසො උබ්බිල්ලාවිතත්තං කරණීයං’ යි කී වචනයෙන් බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍රශ්නයත් නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍රශ්නය නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, අන්‍ය ජනයෝ මාගේ හෝ ගුණ කියද් ද? ධර්මයාගේ හෝ ගුණ කියද් ද, සංඝයාගේ හෝ ගුණ කියද් ද, ඒ ගුණ කීමෙහි තොප සැමදෙනා විසින් ප්‍රීති නො කට යුත්තේ ය. සොම්නස් නො කට යුත්තේ ය. සිතින් උඩඟු ව ඉල්පෙනබවක් නො කට යුත්තේ ය’ යි කියා මේ කාරණයත් වදාරණ ලද්දේ ය. සෙලබ්‍රාහ්මණයා විසින් ද, බුදුන්ගේ විද්‍යමාන වූ ගුණවර්ණනාව කියන කල්හි බොහෝ සේ ඉතිරි වූ තමන් වහන්සේගේ ගුණය,
‘රාජා හමස්මි සෙලාති-ධම්මරාජා අනුත්තරො,
ධම්මෙන චක්කං වත්තෙමි-චක්කං අප්පතිවත්තියං’
යනාදීන් ප්‍රකාශ කර වදාරණ ලද්දේ ය. මහරජානෙනි, පළමු කොට ම සද්ධර්මයාගේ ස්වභාව රස ලක්ෂණය හා නිබොරු වූ විද්‍යමාන වූ ඇත්තා ම වූ තදර්ථය දක්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මමං වා භික්ඛවෙ පරෙ වණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා සංඝස්ස වා වණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි න ආනන්දො න සොමනස්සං න චෙතසො උබ්බිල්ලාවිතත්තං කරණීයං’ යි කියා වදාරණ ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ද, සෙලබ්‍රාහ්මණයා විසින් විද්‍යමාන වූ ගුණ වර්ණනා කරණ කල්හි බොහෝ සෙයින් ඉතිරි වූ තමන් වහන්සේගේ ‘රාජා හමස්මි සෙලාති ධම්මාරාජා අනුත්තරො’ යනාදීන් (209) යම් ගුණයක් වදාරණ ලද ද, ඒ ගුණය වුවමනා ලාභයක් පිණිසත් නො වදාළසේක. යස පිණිසත් නො වදාළසේක. පක්ෂග්‍රහණය පිණිසත් නො වදාළසේක. අතවැසි කර වදාරණ පිණිසත් නො වදාළසේක. නැවැත කුමක් පිණිස ද? යත්:- ‘මේ ආකාරයෙන් තුන්සියයක් පමණ බ්‍රාහ්මණමාණවකයන්ට හා මේ සෙලයාහට චතුස්සත්‍යාභිසමය වන්නේ ය’ යි දැන කරුණාවෙන්[1] අනුකම්පාවෙන් හිත වැඩ වසයෙන් ම ‘සෙලයෙනි, මම රජ වීමි. අනුත්තර වූ සද්ධර්මවරචක්‍රවර්තිරාජයෙමි. සමස්තලොකයෙහි කිසිවකු විසින් පවත්වා ලිය නො හැක්කා වූ ආඥාචක්‍රය මම ධර්මයෙන් පවත්වන්නෙමි, යනාදීන් බොහෝ සෙයින් ම ඉතිරි වූ තමන් වහන්සේගේ ගුණරාශියක් වදාරණ ලද්දේ ය” යි කීසේක. “යහපත ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ මේ කාරණය එපරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.
උබ්බිල්ලාවිතප්‍රශ්නය නිමි.
-
කරුණා වූ ↑