ඡ ඡන්දරාගා:

7. මනාපියේසු රූපේසු ගේහසිතෝ රාගෝ

8. මනාපියේසු සද්දේසු ගේහසිතෝ රාගෝ

9. මනාපියේසු ගන්ධෙසු ගේහසිතෝ රාගෝ

10. මනාපියේසු රසේසු ගේහසිතෝ රාගෝ

11. මනාපියේසු පොට්ඨබ්බේසු ගේහසිතෝ රාගෝ

12. මනාපියේසු ධම්මේසු ගේහසිතෝ රාගෝ

රූප ඡන්දරාගය ශබ්ද ඡන්දරාගය ගන්ධ ඡන්ද රාගය රස ඡන්දරාගය ස්ප්‍ර‍ෂ්ටව්‍ය ඡන්දරාගය ධර්ම ඡන්දරාගය යි ඡන්දරාග සයෙකි.

රාග යනු ප්‍රීතිය හා බැඳුණු තණ්හාවය. දරුවකු සුරතල් කරන මවකට පියකුට ඒ අවස්ථාවෙහි දරුවා ගැන ඇති වන සප්‍රීතික තණ්හාව රාගය ය. මුණුපුරකු සුරතල් කරන මුත්තකුට මිත්තනියකට ඒ අවස්ථාවෙහි මුණුපුරා ගැන ඇති වන සප්‍රීතික තණ්හාව රාගය ය. අඹු සැමියන් ඔවුනොවුන් සතුටු වන අවස්ථාවන්හි ඇති වන සප්‍රීතික තණ්හාව රාගය ය. ප්‍රියමනාප කිනම් වස්තුවක් නිසා වුවද ඇති වන සප්‍රීතික තණ්හාව රාගය ය. රාගය, සොයා ගැනීමේ ලබා ගැනීමේ රැස් කර තබා ගැනීමේ අයත් කර ගෙන සිටීමේ තණ්හාවට වඩා වෙනස් වූ තණ්හාවෙකි. මේ ෂට්කයෙහි දැක්වෙන්නේ සාමාන්‍ය රාගය නොව බලවත් වූ රාගය ය. බලවත් රාගය ඇතියෝ අඹු දරු ආදි රාග වස්තූන් නට කල්හි හඬති. විලාප කියති. හිසට පපුවට ගසා ගනිති. බිම පෙරළෙති. සිහි නැති වී වැටෙති. සමහර විට එයින් නැසෙති. මේ රාගය ගිහි පැවිදි කාහට ද ඇතියකි. එහෙත් පැවිද්දන් හිතවතුන්ගේ මරණවලදී වස්තු හානිවලදී බලාපොරොත්තු සුන්වීම්වලදී ගිහියන් මෙන් මහ හඬින් විලාප කියනු හිසට පපුවට ගසනු සිහි නැතිව වැටෙනු බිම පෙරළෙනු නො දක්නා ලැබේ. එයින් සැලකිය යුත්තේ ගිහියන්ට තරමේ බලවත් රාගයක් පැවිද්දන්ට නැතය කියා ය. බලවත් රාගය ගිහියන්ට ඇති වන්නක් බැවින් එයට ගේහසිත රාගය යි කියනු ලැබේ.

මනාප වූ රූපයන් ගැන ඇති වන ගේහසිත රාගය මනාප වූ ශබ්දයන් ගැන අති වන ගේහසිත රාගය මනාප වූ ගන්ධයන් ගැන ඇති වන ගේහසිත රාගය මනාප වූ රසයන් ගැන ඇති වන ගේහසිත රාගය මනාප වූ ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් ගැන ඇති වන ගේහසිත රාගය යන මේ සය මේ ෂට්කයේ දැක්වෙන කෙලෙස් සය ය.

මෙහි ධර්මය යි කියනුයේ රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍රෂ්ටව්‍ය යන පස හැර සත්ත්වයනට ප්‍රියමනාප අන් සියල්ල ය. උගත්කම උපාධි ගරුනාම තනතුරු කීර්ති ප්‍ර‍ශංසා ශූරභාවය වීරභාවය ශීල සමාධි ප්‍ර‍ඥා යනාදි සත්ත්වයන්ට ප්‍රියමනාප සියල්ල පිළිබඳ වූ ගේහසිත රාගය, ධර්මයන් ගැන ඇති වන ගේහසිත රාගය යි දත යුතු