88. අනාදරියං 89. දෝවචස්සතා 90. පාපමිත්තතා

මාපියන් ගුරුවරුන් විසින් කරන ලද අවවාදයට අනුශාසනයට අනාදර කරන බව සමච්චල් කරන බව අනාදරිය නම් වේ. ඇතැම් ශිෂ්‍යයෝ ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් විසින් අවවාද වශයෙන් යමක් කී කල්හි ඔය පරණ අදහස් මේ කාලයට ගැලපෙන්නේ නැත යනාදීන් අවවාදයටත් ගුරුන්ටත් අනාදර කරති. ඇතැම් දරුවෝ ද මාපියන් යමක් කී කල්හි මහළු අයගේ ඔය පරණ අදහස් මේ කාලයට ගැලපෙන්නේ නැත. කාලයේ සැටියට රටේ සැටියට අප හැසිරෙන්න ඕනෑය කියමින් අවවාදයට අනාදර කරති. ඒ අනාදරිය නම් ක්ලේශය ය. දෝවචස්සතා පාපමිත්තයා යන දෙක දුක නිර්දේශයේ විස්තර කර ඇත්තේ ය.