73. අනවඤ්ඤත්ති පටිසංයුත්තෝ විතක්කෝ

ජාතියෙන් හා කුලයෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ධනයෙන් ශිල්පයෙන් ශාස්ත්‍රයෙන් හෝ අන් කරුණකින් හෝ අන්‍යයෝ මා පහත් කොට නො සිතත්වා. පහත් කොට කථා නො කෙරෙත්වා. පහත් කොට බැහැර නො කෙරෙත්වා. උසස් කොට හෝ සම කොට හෝ සලකත්වා. මා පිළිගනිත්වා යි ඇතිවන තෘෂ්ණා සහගත වූ මාන සහගත වූ හෝ මිථ්‍යා කල්පනාව “අනවඤ්ඤත්ති පටිසංයුක්ත විතක්ක” නම් වේ.

මේ විභංග පාලියේ එක බැගින් දක්වා ඇති කෙලෙස් තෙසැත්තෑව ය.

ඒකක නිර්දේශය නිමි.

___