නාම රූප ධර්මයන්ගේ ස්වභාවය නො දැනීම නිසා පඤ්චස්කන්ධය ම හෝ ඉන් එක් ස්කන්ධයක් හෝ කීපයක් හෝ මමය, සත්ත්වයාය, පුද්ගලයාය කියා වරදවා තේරුම් ගෙන ඒ මම හෙවත් පුද්ගලයා අන්‍යයන් හා සසඳා බලා ශ්‍රේෂ්ඨය කියා හෝ සමය කියා හෝ හීනය කියා හෝ ගන්නා ස්වභාවය මාන නම් වූ ක්ලේශය ය. සත්‍ය වශයෙන් මමය යි ගැනීමට නැති කල්හි මම උසස් ය සමය පහත්ය යි සැලකීමෙහි තේරුමක් නැත. එය උමතු කමක් වැනිය. එසේ මැන ගැනීම දුකින් මිදීමට බාධාවක් බැවින් ඒ මැනීම නො කළ යුතු බව බුදුන් වහන්සේ විසින් නොයෙක් තැන වදාරා ඇත්තේ ය.