14. පටිභාණමදෝ

“සෙස්සෝ මෝඩයෝ ය, තැනට සුදුසු සේ කථා කරන්නට ක්‍රියා කරන්නට නො දන්නෝ ය. මම වනාහි තැනට සුදුසු සේ කථා කරන්නට ක්‍රියා කරන්නට පැන නැගෙන කිනම් ප්‍ර‍ශ්නයක් වුව ද විසඳීමට සමතෙක් වෙමි”යි සෙස්සන් පහත් කොට තමා උසස් කොට ගන්නා මත් කිරීමට සමත් අධික මානය පටිභාණමද නම් වේ. මෙය පණ්ඩිතයන්ට හා ඇතැම් මෝඩයන්ටත් ඇති වන මදයෙකි. මෙසේ මත් වී සිටින මෝඩයෝ ලෝකයෙහි බහුල යැයි කිය යුතුය.