චිත්තෝපක්ලේශ ප්‍ර‍හාණය

  1. අභිජ්ඣා විසමලෝභෝ චිත්තස්ස උපක්කිලේසෝ
  2. ව්‍යාපාදෝ චිත්තස්ස උපක්කිලේසෝ
  3. කෝධෝ චිත්තස්ස උපක්කිලේසෝ
  4. උපනාහෝ චිත්තස්ස උපක්කිලේසෝ
  5. මක්ඛෝ චිත්තස්ස උපක්කිලේසෝ
  6. පලාසෝ චිත්තස්ස උපක්කිලේසෝ
  7. ඉස්සා චිත්තස්ස උපක්කිලේසෝ
  8. මච්ඡරියං චිත්තස්ස උපක්කිලේසෝ
  9. මායා චිත්තස්ස උපක්කිලේසෝ
  10. සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලේසෝ
  11. ථම්භෝ චිත්තස්ස උපක්කිලේසෝ
  12. සාරම්භෝ චිත්තස්ස උපක්කිලේසෝ
  13. මානෝ චිත්තස්ස උපක්කිලේසෝ
  14. අතිමානෝ චිත්තස්ස උපක්කිලේසෝ
  15. මදෝ චිත්තස්ස උපක්කිලේසෝ
  16. පමාදෝ චිත්තස්ස උපක්කිලේසෝ

මෙසේ මධ්‍යමනිකායේ වස්තූපම සූත්‍රයෙහි චිත්තෝපක්ලේශ යන නාමයෙන් ධර්ම සොළොසක් දේශනය කර ඇත්තේ ය. ඒ ධර්ම සියල්ල ම මේ ග්‍ර‍න්ථයෙහි ඒ ඒ තැන්වල විස්තර කර ඇත්තේ ය.

මේ චිත්තෝපක්ලේශයන් අතුරෙන් මක්ඛ පලාස ඉස්සා මච්ඡරිය මායා සාඨෙය්‍ය යන සය සෝවාන් මාර්ගයෙන් ද බ්‍යාපාද කෝධ උපනාහ පමාද යන සතර අනාගාමී මාර්ගයෙන් ද අභිජ්ඣා විසමලෝභ ථම්භ සාරම්භ මාන අතිමාන මද යන මේ සය අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබේ.

ක්ලේශ ප්‍ර‍හාණ නිර්දේශය නිමියේ ය.

රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ

විසින් සම්පාදිත කෙලෙස් එක්දහස් පන්සියය නමැති ග්‍ර‍න්ථය නිමියේ ය.