2. ශීලය

star_outline

ප්‍රාණඝාතාදි පාප ක්‍රියාවලින් වැළකීම හා තථාගතයන් වහන්සේ විසින් පැන වූ සික පද රැකීම ද වත් පිළිවෙත් කිරීම ද ශීලය ය. තවත් ක්‍ර‍මයකින් කියතහොත් යම් ප්‍ර‍තිපත්තියකින් කාය වාග් ද්වාර දෙක හා ආජීවය ශුද්ධ වේ නම් ඒ ප්‍ර‍තිපත්තිය ශීලය ය.

ඒ ශීය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බාල මහලු සෑම දෙනාට ම සුදුසු ඇඳුමෙකි. උඩු සුළඟෙහි ද යන්නා වූ ස්වර්ගය තෙක් පැතිරෙන්නා වූ සුවඳෙකි. කෙලෙස් රෝගයට දිව්‍යෞෂධයකි. කෙලෙස් නමැති විෂයට දිව්‍ය මන්ත්‍රයෙකි. පව් නමැති කිලුටු සෝදා හරින්නා වූ දුක් ගිනි නිවන්නා වූ ජලයෙකි. කෙලෙස් සතුරනට ඇතුළු විය නො හෙන බලකොටුවෙකි. සියලු සැපයට හේතුවෙකි. උතුම් ධනයෙකි. මහා බලයෙකි. මහා පිහිටෙකි. දෙව්ලොවට හිණෙකි. සියලු බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාගේ තීර්ථයෙකි. නිවනට පිවිසෙන දොරටුවෙකි.

ශීල පදාර්ථය අති විශාලය. එයට අයත් කරුණු බොහෝ ය. ඒ සියල්ල සැමට ම රැකිය නොහෙන බැවින් ගිහිගෙයි වසනුවන්ට රැකිය හැකි වනු පිණිස ශීලාංග පස බැවින් ගෙන පඤ්ච ශීලය හා බ්‍ර‍හ්මචරිය පඤ්ච ශීලය නිර්මිත ය. ශීලාංග අට බැවින් ගෙන අෂ්ඨාංග ශීලය නිර්මිතය. ශීලාංග නවයකින් නවාංග ශීලය ද, ශීලාංග දශයකින් දශ ශීලය ද නිර්මිත ය.

අනු මාතෘකා
keyboard_arrow_rightසිල් සමාදන් වීමstar_outline
keyboard_arrow_rightසිල් ඉල්ලන වාක්‍යයstar_outline
keyboard_arrow_rightපඤ්ච ශීලයstar_outline
keyboard_arrow_rightසික පද පසstar_outline
keyboard_arrow_rightපෝයstar_outline
keyboard_arrow_rightඅෂ්ටාංග ශීලයstar_outline
keyboard_arrow_rightසප්ත මෛථුනයstar_outline
keyboard_arrow_rightනවාඞ්ග ශීලයstar_outline
keyboard_arrow_rightදශ ශීලයstar_outline
keyboard_arrow_rightසිල් රැකීමේ අනුසස්star_outline