97. සිතුල්පව්වේ තරුණ භික්‍ෂුණිය.

සිතුල්පව්වෙහෙර වැසි එක් තරුණ භික්‍ෂුණියක් පෝය කරන දවසක පෝය ගෙට ගොස් දොරටුපාල රූපය බලමින් සිටියදී ඇය තුළ රාගය ඉපද එයින් ම දැවී සිටිවනම කලුරිය කළාය. අන්‍ය භික්‍ෂුණීන් අවුත් මැය සිටින්නී කුමක් හෙයින්දැයි අසා අතින් ඇල්ලූ විගස පෙරළී බිමවැටුණි. (මෙය දික්සඟි අටුවාහි සංගීතිසුත්තවණ්ණනාවෙහ (727) එයි.)