80. සිතුල්පව්වේ දෙබෑතෙරවරු

සිතුල් පව්වෙහි විසූ සොහොයුරු තෙරදෙනමගෙන් වැඩිමහල් තෙරනම පසළොස්වක් දිනක දී පාමොක් දෙසා භික්‍ෂූන් පිරිවරා තමාගේ වාසස්ථානයට ගියේ සක්මනට බැස සඳ එළිය දැක තමාගේ ආයුසංස්කාරය බලා භික්‍ෂූන් අමතා “තොප විසින් කොයි ආකාරයෙන් පිරිනිවෙන තැනැත්තෝ දක්නා ලද්දහුදැ”යි විචාලේ ය. ඇතැම් කෙනෙක් “හිඳගෙන පිරිනිවෙන්නන් දුටු වෙමු”යි කීහ. තවත් කෙනෙක් “පළඟබැඳගෙන පිරිනිවෙන්නන් දුටිමු”යි කීහ. ඉක්බිති තෙරනම “මම දැන් තොපට සක්මන් කරමින් පිරිනිවෙන්නකු පෙන්වන්නෙමි”යි කියා සක්මන හරහා ඉරක් ඇඳ “මම මේ සක්මන් කෙළෙවරින් එහා කොණට ගොස් හැරී එන්නේ මේ ඉරළඟට පැමිණ පිරිනිවෙන්නෙමි”යි කියා එසේ ගොස් හැරී ඇවිත් ඒ රේඛාව පැගූ කෙණෙහි පිරිනිවියේ ය. (මෙය විශුද්ධිමාර්‍ගයේ ආනාපානසතිය විස්තර කථාවෙහි (292) එයි.